EPISODE 11

60 18 24
                                    

වසර 4 කට පසු ......

නව වසර උදා වීමට තිබුණේ තවත් මිනිත්තු කිහිපයක් පමණි. මුළු සෝල් නගරයම උත්සවශ්‍රීයෙන් අලංකාරවත්ව තිබුණේ නව වසර පිළිගැනීමට සූදානමින්. නව වසරේ උදාව සැමරීම නිමිත්තෙන් දකුණු කොරියාවේ විතරක් නෙවෙයි , මුළු ලෝකේම ව්‍යාපාර ක්ෂේත්‍රයේ ඉහළින්ම වැජඹුණු ජියෝන් සමාගම තමන්ට අයත් සෝල්හී පිහිටා තිබුණු විශාලතම හෝටලයේ විශේෂ උත්සවයක් සංවිධානය කර තිබුණා.

කොරියාවේ මෙන්ම ලොව පුරා සිටින බලවත් දේශපාලඥයින් , සුප්‍රකට විද්වතුන් , ධනවත් ව්‍යාපාරිකයන්ට මේ සඳහා ආරාධනා කර තිබුණා. කෙසේ වෙතත් එහි සිටි එක් තරුණියක් උත්සවයට සහභාගී වූ බොහෝමයක් අමුත්තන්ගේ අවධානය දිනා ගැනීමට සමත් වුනේ නිරායාසයෙන්.

දකින ඕනේම කෙනෙකුට දෙපාරක් නෙවෙයි.... ආයෙත් සිය පාරක් වුනත් හැරිලා බලන්න හිතෙන තරම් සුන්දරත්වයකට ඇය හිමිකම් කීවා. දුඹුරු පාට සරාගී ඇස් දෙක , තඹ පාටට හුරු කලු කොන්ඩේ , තලෙලු පාටින් දිලිසෙන හම , රතු පැහැයෙන් පොපියන තොල් , හැඩ ඉන , පිරිපුන් සිරුර ඇයගේ සරාගී බව තව තවත් ඔප්නැංවුවා .

සාදයට සහභාගී වී සිටි බොහෝ තරුණයන් ඇයගේ සිත දිනා ගැනීමට උත්සාහා කලත් , ඔවුන් කිසිවෙකුව තඹ සතේකටවත් මායිම් නොකල ඇය විස්කි වීදුරුවක් තොල ගාමින් සිටියේ යම් විශේෂිත පුද්ගලයෙක් බලාපොරොත්තුවෙන්

К сожалению, это изображение не соответствует нашим правилам. Чтобы продолжить публикацию, пожалуйста, удалите изображение или загрузите другое.

සාදයට සහභාගී වී සිටි බොහෝ තරුණයන් ඇයගේ සිත දිනා ගැනීමට උත්සාහා කලත් , ඔවුන් කිසිවෙකුව තඹ සතේකටවත් මායිම් නොකල ඇය විස්කි වීදුරුවක් තොල ගාමින් සිටියේ යම් විශේෂිත පුද්ගලයෙක් බලාපොරොත්තුවෙන් .

" Come to the pool area "

ටික වෙලාවකට පස්සේ කෙල්ලගේ ෆෝන් එකට ඒ වගේ msg එකක් එනකොට උත්සව ශාලාවෙන් එලියට ආපු කෙල්ල pool area එක පැත්තට ගියා.

ඒත් කෙල්ල එතනට යනකොටත් මුළු pool area එකම අදුරෙන් වැහිලා තිබුණා. හොටෙල් එකේ විශේෂ උත්සවයක් පැවැත්වෙමින් තිබුණු වෙලාවක pool area එක මේ විදිහට පාලුවට ගිහින් තියෙන්නේ ඇයි කියන එක කෙල්ලට ප්‍රශ්නයක්. කෙල්ල තමන්ට ඉස්සෙල්ලා msg එක එවපු නම්බර් එකට කෝල් එකක් ගත්තත් ඒකෙන් වැඩක් වුනේ නෑ.

Legend Of The Moon Lovers 🌜️🌟 Место, где живут истории. Откройте их для себя