EPISODE 01

330 67 46
                                    

මීට වසර දහස් ගණනකට පෙර අස්මෝදියස් කදුවැටිය ආශ්‍රිත වනාන්තරයේ Quileute නම් ගෝත්‍රිකයන් පිරිසක් ජීවත් වුනා. ඔවුන්ගේ නායකයා වූ තහා ආකි ( Taha Aki ) ගෝත්‍රයේ සියලු දෙනා අතර ගෞරවාදරයට පත් ඉතාමත් නිහතමානී කරුණාවන්ත පුද්ගලයෙක් වුනා.

සඳ දෙවඟනගේ භක්තිකයෙකු වූ තහා ආකි සෑම දිනකම සඳ දෙවඟන උදෙසා පුද පූජා පැවැත්වීමටත් තම ගෝත්‍රයේ අනෙකුත් සාමාජිකයන් සඳ දෙවඟන වන්දනයට පෙළඹවීමටත් කටයුතු කලා.

දිනක් සඳ ඇති රැයකම වනාන්තරයේ සැරිසරමින් සිටි තහා ආකිට උගුලකට හසුව තුවාල ලැබූ හිම මෙන් සුදු පැහැති ලොම් සහිත දැවැන්ත වෘකයෙක්ව දැකගන්නට ලැබුනා. වෘකයා පිළිබද අනුකම්පා කල තහා ආකි ඔහුගේ ජීවිතය බේරා ගැනීමට කටයුතු කලා.

ඔහුගේ මෙම යහපත් ක්‍රියාව පිළිබඳව සතුටට පත් සඳ දෙවඟන තහා ආකිට වටිනා ත්‍යාගයක් ලබා දීමට තීරණය කලා . සඳ දෙවඟනයේ ආශිර්වාදය ලත් තහා ආකිට තම ශරීරය අතහැර ආත්ම ලෝකයේ සැරිසැරීමටත් , සතුන් සමඟ කතා කිරීමටත් , අන් අයගේ මනස කියවීමටත් හැකියාව ලැබුනා. ඒ අනුව ඔහු ක්විලූට් ගෝත්‍රයේ පලමු පුරාණ ආත්ම රණශූරයා බවට පත් වුනා.

 ඒ අනුව ඔහු ක්විලූට් ගෝත්‍රයේ පලමු පුරාණ ආත්ම රණශූරයා බවට පත් වුනා

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

තහා ආකිගේ නායකත්වය යටතේ ක්විලූට් ගෝත්‍රයේ බලය තව තවත් වර්ධනය වුනා. ක්විලූට් ගෝත්‍රය හා එකල අස්මෝදියස් කඳුවැටිය ආශ්‍රිත වනාන්තරයේ ජීවත් වූ අනෙකුත් ගෝත්‍රයන් අතර වැරදි වැටහීම් නිසා ඇතිව තිබූ ගෝත්‍රක ගැටුම් නිමාවට පත් කර සැමට සාමය හා සතුට උදා කිරීමට තහා ආකිට හැකි වුනා.

එම නිසා තහා ආකිට අනෙකුත් ගෝත්‍ර නායකයන්ගේද පක්ෂපාතීත්වය හිමි වුනා . සාමයට කැමති යහපත් උතුම් නායකයෙකු ලෙස තහා ආකිගේ නාමය සියලු දෙනා අතර ගෞරවාදරයට පාත්‍ර වුනා.

Legend Of The Moon Lovers 🌜️🌟 Where stories live. Discover now