EPISODE 10

68 19 24
                                    

" මූ මැරෙයිද හියුන් ? මන් දන්න එකෙකුත් මෙහෙම සිහි නැතුව ඉදලා මැරුනා "

" ගොන් කතා කියවන්න එපා යකෝ. ජන්කුක්ට එහෙම මැරෙන්න දෙනවද මන් ? "

" ජින් හියුන් දැනගත්තා නම් මූට නෙවෙයි අපිටයි මැරෙන්න වෙන්නේ. ඕ.... මයි හාර්ටූ.... හොඳ වෙලාවට මන් හිටියේ. කොහෙද ඉතින් උබලාට හරියට බොරුවක් වත් කියාගන්න බෑනේ "

ජන්කුක්ට ඇහුනේ කවුරු හරි කෑගහනවා වගේ සද්දයක්. ඒත් ඒ කවුද කියලා අදුරගන්න ජන්කුක්ට බැරි වුනා. දරාගන්න බැරි වේදනාවකින් ඔලුව කකියන කොට , තමන්ගේ ඇස් පිහාටු උඩ ගඩොල් භාගයක් තියලා වගෙයි ජන්කුක්ට දැනුනේ.

" කෑගහන්න එපා බේසිකයෝ.... මෙන්න මේ කොල්ලාට සිහිය එනවා "

ජන්කුක් හිමින් හිමින් ඇස් අරින්න හදනකොට තවත් කවුරු හරි ඒ විදිහට කෑගැහුවා.

මුලින් හැමදේම බොඳ වෙලා පෙනුනත් ටිකෙන් ටික ඇස් වල පෙනීම යථාතත්වයට පත් වෙනකොට ජන්කුක්ට මුලින්ම දකින්න ලැබුනේ තමන් දිහා බය වෙලා වගේ බලන් ඉන්න ඔලු ගෙඩි හතරක්.

" උබලා මොකො මන් දිහා කන්න වගේ බලන් ඉන්නේ ? "

ඇහි බැමක් උස්සන ගමන් ජන්කුක් ඇහුවේ තමන් දිහා බලන් ඉන්න ටේහියුන් , නම්ජුන් , හොබී සහ යුන්ගිට සුපුරුදු විදිහට රවන ගමන්. ඒත් එක්කම කොල්ලො හතර දෙනාම පපුව අල්ලගෙන එක සැරේ හෝස්..... ගාලා ලොකු හුස්මක් පිටකලේ දැනුයි ඇඟට ලේ ටිකක් ඉනුවේ වගේ හැඟීමකින්. කොල්ලො හතර දෙනාට තේරුණා ජන්කුක්ට අවුලක් නැ කියලා.

" අම්මෝ ඇති යාන්තන් "

" ඔයින් ගියා මදැයි "

" පෙශර් තිබ්බා නම් මන් මෙතනමයි "

" තව පොඩ්ඩෙන් මූ නිසා අපිත් මැරුම් කනවා "

කොල්ලො හතර දෙනා ඒ විදිහට සැනසුම් සුසුම් හෙලද්දී ජන්කුක් වේදනාවෙන් කකියන ඔලුවත් අල්ලගෙන ඇඳෙන් ඉඳ ගත්තා.

" මොකක්ද වුනේ ? "

" වෙන මොනවා වෙන්නද ? උබ අපි කියන දේ අහන්නේ නැතුව බක පණ්ඩිතකම් කරන්න ගිහින් හොම්බ බිම ඇනගත්තා. එච්චරයි.... "

Legend Of The Moon Lovers 🌜️🌟 Where stories live. Discover now