" ගෙදර කවුද ඉන්නේ ? කන් ඇහෙන්නේ නැද්ද ? ඉක්මනට මේ දොර ඇරපන් "
කවුරුහරි හන්සුගේ ගෙදර දොරට ගගහා ඒ විදිහට කෑගහනකොට හන්සුට ඕනේ වුනේ ඒ මනුස්සයාට ඇහෙන්න උදව් ඉල්ලලා හයියෙන් කෑගහන්න. ඒත් හන්සුව හිර කරගෙන හිටපු ජන්කුක්ගෙන් හන්සුට කිසිම බුරුලක් ලැබුනේ නෑ .
හන්සු තමන්ගේ උපරිම ශක්තිය යොදවලා එයාගේ පුංචි අත් වලින් ජන්කුක්ගේ පපුවට එක දිගටම පහර දෙන්න පටන් ගත්තත් කොල්ලාට ඒක දැනුනේවත් නෑ. ජන්කුක්ගේ ලොකු අතකින් හන්සුගේ නහයයි කටයි දෙකම වැහිලා තිබුනු නිසා කෙල්ලට ටිකෙන් ටික හුස්ම ගන්න අමාරු වුනා.
ඒත් ටික වෙලාවකට පස්සේ ජන්කුක්ට තේරුනා කෙල්ල හුස්ම ගන්න බැරුව අමාරුවෙන් ඉන්නේ කියලා. කොල්ලා තමන්ගේ අත අහකට ගන්නවාත් එක්කම හන්සු බිත්තිය දිගේ රූටලා ගිහින් බිමට ඇදන් වැටුනේ දියෙන් ගොඩ දාපු මාලුවෙක් වගේ වේගයෙන් හුස්ම ගන්න ගමන්.
හන්සු බැලුවේ එයාගේ ඉස්සරහා තනි කලු පාට ඇඳුමක් ඇඳලා ඉන්න මහත මනුස්සයා දිහා. කලු පාට කැප් එකයි මාස්ක් එකයි නිසා හන්සුට ජන්කුක්ගේ මූණ හරියට පෙනුනේ නෑ.
හන්සුගේ ඇස් යොමු වුනේ ජන්කුක්ගේ කලු පාට ඇස් වලට... ඒ ඇස් වල ගැබ් වෙලා තිබුණේ අමුතුම හැඟීමක්. ඒවා හරිම සන්සුන්... ඒ වගේම සිත් ඇඳ ගන්නා සුළුයි. හරියට පුංචි තරුකැට වගේ.
හන්සුගේ ඇස් ජන්කුක්ගේ ඇස් එක්ක එකට යා වෙනකොට හන්සුට දැනුනේ තමන් ඒ ඇස් වලට ආකර්ෂණය වෙනවා වගේ හැඟීමක්. කෙල්ලට මේ මුලු ලෝකයම එක මොහොතකට අමතක කරලා දාන්න ඒ ඇස් වලට පුලුවන් වුනා. හරියට මායාවක් වගේ. ඒ හැඟීම ඒ විදිහටම ජන්කුක්ටත් දැනුනා.
ඒත් තත්පර කිහිපයකට පස්සේ හන්සුගේ ඇස් වලින් මිඳුණු ජන්කුක්ගේ ඇස් යොමු වුනේ වේගයෙන් උඩට පහලට ඇදෙන තවමත් සියුම් වතුර බිඳු රැඳිලා තිබුණු හන්සුගේ ඇත් දළ පාට පපුවට. මෙච්චර වෙලා තිබුණු සන්සුන් බව වෙනුවට ලොකු නොසන්සුන් බවකින් ජන්කුක්ගේ ඇස් පිරිලා යනකොට හන්සු ඉක්මනට අත් දෙකෙන් තමන්ගේ පපුව වහ ගත්තේ කෙල්ලගේ හිතට ලොකු අසරණකමක් දැනෙද්දී.
YOU ARE READING
Legend Of The Moon Lovers 🌜️🌟
Werewolfකාන්තාරය පවා ඉරිතලා ගිය කටුක ගිම්හානය අවසන නැඟෙන සෙනෙහෙබර වූ වසන්තය වෙත පියමනින්නට අවසර..... 🌜️🌟 Jeon Jungkook Fanfiction Girl × Boy Don't copy my work