EPISODE 12

61 18 26
                                    

" වට්..... බ්ලැක් ඩයමන්ඩ් පැක් එකේ ඔත්තුකාරයෙක් අපේ බ්ලඩ් මූන් පැක් එකේ ඉන්නවා ?? "

ජන්කුක් සහ හොබී දෙන්නාම එක සැරේ ඒ විදිහට කෑගැහුවේ ගොඩක් පුදුමයෙන්.

" කෑගහන්න එපා බම්ලෝ.... අමතක වුණාද ? මෙහෙ බිත්ති වලටත් කන් තියෙනවා කියලා. තොපිලට රහසක් කියනවාට වඩා හොඳයි යකෝ ඒක පත්තරේ දානවා "

ජැකී කිව්වේ ඔලුවේ අත ගහ ගන්න ගමන්.

ජන්කුක් සහ හොබී මේ වෙනකොට හිටියේ රුසියාවේ හුදෙකලා කේතුදර වනාන්තරයක් මධ්‍යයේ පිහිටා තිබුණු රහසිගත කඳවුරක් වැනි ස්ථානයක.

ලොව පුරා විසිරී පැතිරී සිටි රොජර්ස්ලාගේ තිප්පොළක් වූ මෙම කඳවුර , ලොව පුරා වෘක කණ්ඩායම් අතර රහසිගතව සිදු කෙරුණු මත්ද්‍රව්‍ය , අවි ආයුධ හා වහල් වෙළෙදාමේ ප්‍රධාන මධ්‍යස්ථානයක් බවට පත් වුනා .

ජැකී.... එහෙමත් නැත්තන් ජැක්සන් වැන්ග් කියන්නේ මේ කඳවුරේ ජීවත් වෙන රොජර් කෙනෙක්. ඒත් ඇත්තටම.... ජැක්සන් බ්ලඩ් මූන් පැක් එකේ බේටා කෙනෙක්.

මීට අවුරුදු ගානකට කලින් ජැකී , හෙඩ් ඇල්ෆා ජේහියුන්ගේ අනුදැනුම මත බ්ලඩ් මූන් පැක් එකෙන් අයින් වෙලා රොජර් කෙනෙක් විදිහට මේ කඳවුරට ආවා. ජැකීව මෙතනට එවන්න ජේහියුන්ට ලොකු හේතුවක් තිබුණා.

මේ කඳවුරේ ඉන්න රොජර්ස්ලා ලොව පුරා වෙසෙන සෑම වෘක කණ්ඩායමක් සමඟම රහස් සම්බන්ධතා පැවැත්වුවා. විශේෂයෙන්ම බ්ලැක් ඩයමන්ඩ් කණ්ඩායම එක්ක. ඒ නිසා රොජර්ස්ලා හරහා බ්ලැක් ඩයමන්ඩ් පැක් එක ගැන තොරතුරු ලබා ගන්න පුලුවන් කියලා ජේහියුන්ට තේරුණා.

ඒ නිසයි ජේහියුන් තමන්ගේ යටතේ හිටපු විශ්වාසවන්තම බේටා කෙනෙක් වුණු ජැක්සන්ව බ්ලඩ් මූන් පැක් එකේ ඔත්තුකරුවෙක් විදිහට මේ කඳවුරට එව්වේ. ඒ අනුව ජැකී කියන්නේ තමන්ගේ කණ්ඩායමෙන් ඈත් වෙලා රොජර් කෙනෙක් විදිහට දිවි ගෙවමින් , පැක් එකේ ආරක්ෂාව වෙනුවෙන් සුවිශාල සේවයක් ඉටු කරන බ්ලඩ් මූන් පැක් එකේ ප්‍රධාන සාමාජිකයෙක් කියලා හඳුන්වන්න පුලුවන්.

රොජර් කඳවුරේ දිවි ගෙවමින් බ්ලැක් ඩයමන්ඩ් කණ්ඩායම ගැන ඔත්තු බලපු ජැක්සන් තමන් හොයාගත්තු තොරතුරු බ්ලඩ් මූන් කණ්ඩායම වෙත දැනුම් දීම සඳහා විවිධ ක්‍රම උපයෝගී කරගත්තා.
ඊට අමතරව වසරකට දෙතුන් වතාවක් ජන්කුක් එයාගේ හියුන්ලා එක්ක ආයුධ මිළදී ගන්න මුවාවෙන් රහසේම මේ කඳවුරට ඇවිත් ජැක්සන් ගැන හොයලා බලන්න පුරුදු වෙලා හිටියා.

Legend Of The Moon Lovers 🌜️🌟 Where stories live. Discover now