EPISODE 13

90 19 30
                                    

මෙච්චර වෙලා සිද්ධ වුණු හැමදේම දිහා බොහොම සන්සුන්ව බලන් හිටපු ජන්කුක් ඊලගට වෙන්න යන්නේ මොකක්ද කියලාත් හොඳටම දැනගෙන හිටියා.

" අපි යන්... තවත් මෙතන ඉදලා ඇති වැඩක් නෑනේ "

හොබීටයි ජැකීටයි එහෙම කියපු ජන්කුක් කිසිම ගානක් නැතුව එතනින් එලියට ඇවිදන් යනකොට , කොල්ලො දෙන්නාට ජන්කුක්ගේ මේ හැසිරීම ගැන අදහා ගන්න බැරි වුණා.

මොකද.... ජන්කුක් කියන්නේ කරදරයක වැටුණු කෙනෙක්ව දැක්කාම මේ විදිහට අහක බලන් යන ජාතියේ කෙනෙක් නෙවෙයි. හැමවෙලාවේම තමන්ගේ ජීවිතේ ගැනත් නොහිතා අනිත් අයගේ ජීවිත ආරක්ෂා කරන්න හදන ජන්කුක් දැන් මේ විදිහට හැසිරෙන්නේ ඇයි කියලා හොබීට හිතාගන්න බැරි වුණා.

" ජන්කුක්... උබ මොකක්ද මේ කරන්නේ ? අර පාහර බල්ලා අපේ කෙල්ලට අත උස්සනකොට ඇයි උබ සද්ද නැතුව හිටියේ ? "

ඉවසන් ඉන්න බැරිම තැන Jk ජන්කුක්ගෙන් ප්‍රශ්න කරන්න පටන් ගත්තා.

" මොකද ඒක අපිට අදාල ප්‍රශ්නයක් නෙවෙයි නිසා. මන් උබට මීට අවුරුදු හතරකට කලින්ම කිව්වානේ.... තව දුරටත් හන්සු කියලා එකියක් අපේ ජිවිත වල නෑ කියලා "

ජන්කුක් බොහොම සන්සුන්ව උත්තර දුන්නා.

" අනේ ජන්කුකා... උබ දන්නවානේ උන් හන්සුට මොකක්ද කරන්න හදන්නේ කියලා. ඒ කෙල්ල අපේ මේට් බන්.... සඳ දෙව්දුව තමයි අපිට හන්සුව දුන්නේ. අපිට බෑ ඒ කෙල්ල මේ විදිහට විනාස වෙන හැටි බලන් ඉන්න. "

" මෙතන අපි කියලා දෙයක් නෑ Jk. උබටයි ඒකිව අත හරින්න බැරි.... නැතුව මට නෙවෙයි "

" ඒ කියන්නේ.... උබට හන්සු ගැන පොඩිම හරි අනුකම්පාවක් නැද්ද ජන්කුකා.... "

" කොහෙත්ම නෑ.... අපිට කරපු දේට ඒකි විදවන්නම ඕනේ. ඒ නිසා ඒකිට මොනවා වුනත් මට කමක් නෑ "

ජන්කුක් එහෙම කියනකොට Jk ට දැනුනේ කියාගන්න බැරි තරමේ කේන්තියක් . Jk ගේ ඇඟ ඇතුලේ හිටපු යක්ෂයාව අවදි කරන්න ජන්කුක්ගේ ඒ වචන වලට පුලුවන් වුනා.

" හොදයි.... එහෙනම් උබ උබේ තීරණේම හිටපන්. හැබැයි මේකත් හොඳට මතක තියා ගනින්.... උබ තාම උබේ ඇඟ ඇතුලේ ඉන්න වෘකයා කවුද කියලා හරියටම දන්නේ නෑ ජන්කුක්.... "

Bạn đã đọc hết các phần đã được đăng tải.

⏰ Cập nhật Lần cuối: Dec 11, 2023 ⏰

Thêm truyện này vào Thư viện của bạn để nhận thông báo chương mới!

Legend Of The Moon Lovers 🌜️🌟 Nơi câu chuyện tồn tại. Hãy khám phá bây giờ