EPISODE 09

54 21 14
                                    

තවත් සති දෙකක කාලයක් ගෙවිලා ගියේ හුගාක් දේවල් වෙනස් කරගෙන. තව දුරටත් හන්සු සහ ජන්කුක් තමන්ගේ හිත් වල ඇති වෙලා තිබුණු හැඟීම් එකිනෙකාගෙන් හංගන්න අකමැති වුනා. ඒකේ ප්‍රතිඵලය වුනේ ජන්කුක් සහ හන්සුව පෙම්වතුන් වීමයි.

හන්සු සහ ජන්කුක් එකිනෙකාට අසීමිතව ආදරය කලා. ඒත් හැමදේම ගැන හන්සුට ඇත්ත කියනකල් කෙල්ලව තමන්ගේ මේට් විදිහට මාර්ක් නොකර ඉන්න ජන්කුක් තීරණය කලා. හන්සුව හම්බ වුනු දවසේ ඉදන් කෙල්ලව මාර්ක් කරන කල් නොඉවසිල්ලෙන් හිටපු JK ටත් අකමැත්තෙන් හරි ජන්කුක්ගේ මේ තීරණට කැමති වෙන්න වුනේ මේ වෙලාවේ කරන්න පුලුවන් හොඳම දේ ඒක වුනු නිසයි.

ඒ නිසා උණුසුම් වැළඳ ගැනීම් , හන්සුගේ රෝස පාට කම්මුල් තෙත් කරපු පුංචි පුංචි ආදරණීය හාදු වලින් එහාට යන්නේ නැතුව තමන්ගේ හැඟීම් පාලනය කරගෙන හන්සුව පුංචි චෙරි මලක් වගේ පරිස්සම් කරගන්න ජන්කුක් වගේම JK ත් තීරණය කලා.

සුපුරුදු විදිහට එදත් හන්සු උදේම වොන්ගේ බෙහෙත් බඩු සාප්පුවේ වැඩට ගියාට පස්සේ ජන්කුක් ගෙදර තනි වුණා. තමන්ගේ තුවාලෙට බෙහෙත් දාගත්තාට පස්සේ ජන්කුක් කුස්සියට ආවේ කුස්සිය ටිකක් අස් පස් කරන්න හිතාගෙන.

ඒත් හදිස්සියේම ජන්කුක්ට ඇහුණේ ගෙදර දොර හයියෙන් ඇරෙන වැහෙන සද්දයක්. ඉක්මනට සාලෙට ගිහින් බලපු ජන්කුක්ට දකින්න ලැබුනේ දොරට හේත්තු වෙලා වේගයෙන් හති අරින හන්සුව.

හන්සු හොඳටම බය වෙලයි හිටියේ. කෙල්ලට දාඩියත් දාලා . හන්සුගේ කොන්ඩෙත් අවුල් වෙලා තිබුණා වගේම ඇඳන් හිටපු ගවුමත් පොඩි වෙලා තිබුණා.

" හන්සු... ඔයා.... "

ජන්කුක්ට කියන්න ලැබුණේ එච්චරයි . ජන්කුක්ව දැකපු ගමන් ජන්කුක් ලගට දුවන් ආපු හන්සු කොල්ලාව තදින් වැළඳ ගත්තා.

ජන්කුක්ට තේරුම් ගන්න බැරි වුනා හන්සුට මොනවා වෙලාද කියලා. හන්සුව පෙරලා වැළඳ ගත්ත ජන්කුක් හන්සුගේ හිස මෘදුව පිරිමදින ගමන් කෙල්ලගේ නොසන්සුන් හද ගැස්මට සවන් දුන්නා.

"හන්සු ඇයි මේ.... මොකක්ද වුනේ ? "

ටික වෙලාවකට පස්සේ හන්සුව තමන්ගේ තුරුලෙන් ඈත් කරපු ජන්කුක් එහෙම ඇහුවේ කෙල්ලගේ මූණට එඹෙන ගමන්.

Legend Of The Moon Lovers 🌜️🌟 Where stories live. Discover now