EPISODE 08

44 19 12
                                    

ජන්කුක් මැකව් වලට ඇවිත් දැන් මාසෙකටත් කිට්ටුයි . ජන්කුක්ගේ තුවාල යම් තරමක් දුරට සුව වෙලා තිබුනා.

ඒත් නම්ජුන්ගේ වෙස් මාරු කරන මායා ඖෂධයේ බලය තාම කොල්ලාගේ ඇඟ ඇතුලේ තියෙනවා. ඒ නිසා කොල්ලා තවමත් සාමාන්‍ය මනුෂ්‍යයෙක්. අනික කොල්ලා තාම පාවිච්චි කරන්නේ හන්සුයා හදන චීන අත්බෙහෙත්. ඒ වගේම ජන්කුක් හිතුවාට වඩා චෑන්ගේ රිදී කිණිස්ස එයාගේ ශරීරයේ ටිකක් ගැඹුරට කිඳා බැහැලා තිබුනා. මේ හේතු නිසා සම්පුර්ණ සුවය ලැබෙන්න නම් තව කාලයක් ගතවෙන බව ජන්කුක් දැනගෙන හිටියා.

ජන්කුක්ට හන්සුයාගෙන් දැනගන්න ලැබුණු තොරතුරු වලට අනුව චෑන් දැන් ජන්කුක්ව හොයන එක නවත්තලා දාලයි තියෙන්නේ. නගරයේ මාර්ගවල රැකවල් දාලා තිබුනු මිනිස්සුන්වත් චෑන් අයින් කරලා. සමහරවිට චෑන් හිතනවා ඇති ජන්කුක් එහෙමත් නැත්නම් තෙඔල් දැනටමත් මැකව් නගරයෙන් පැනලා ගිහින් ඇති කියලා.

ඒ වගේම මේ ගෙවුණු කාලය තුල ජන්කුක් හන්සුයා ගැන ගොඩක් දේවල් දැනගත්තා. හන්සුයාගේ ඔම්මා කොරියානු ජාතිකයෙක් . අප්පා චීන ජාතිකයෙක්. ඒ නිසා කෙල්ලට චීන වගේම කොරියන් භාෂාවත් හොඳට කතා කරන්න පුලුවන්.

හන්සුයාගේ ඔම්මා ජීවත් වෙලා තියෙන්නේ කොරියාවේ පුංචි ගමක. එතකොට හන්සුගේ අප්පා කෙල්ලගේ ඔම්මාව චීනෙට එක්කන් ඇවිත් තියෙන්නේ එයාව කසාඳ බඳිනවා කියලා පොරොන්දු වෙලා.ඒත් නොහිතපු විදිහට මිනිහා හන්සුගේ ඔම්මාව ගණිකා මඩමකට විකුණලා පැනලා යනකොට හන්සු එයාගේ ඔම්මාගේ බඩට ඇවිත් යන්තන් මාස තුනයි.

ගණිකා මඩමේ මිනිස්සු බඩේ ඉන්න දරුවාව නැති කරන්න කියලා හන්සුගේ ඔම්මාට බලකරන කොට ඒකට අකමැති වුනු හන්සුගේ ඔම්මා ගණිකා මඩමෙන් බේරිලා පැනලා ගියා .

හන්සුවත් බඩේ තියාගෙන ජීවත් වෙන්න ක්‍රමයක් නැතිව අසරණ වෙලා ඉන්නකොට තමයි ඇයට මැකව්වල තියෙන මේ පුංචි නිවස හම්බ වෙන්නේ. කොයිතරම් හෙව්වත් හන්සුගේ ඔම්මාට කවදාවත් හන්සුගේ අප්පාව හොයාගන්න බැරි වුනා . ඒත් හන්සුව හම්බ වුනාට පස්සේ කෙල්ලගේ ඔම්මාගේ මුලු ජීවිතේම වෙන්නේ පුංචි හන්සු. ඒ නිසා හන්සුගේ ඔම්මා කෙල්ලව උස්මහත් කරන්න ගොඩක් දුක් වින්ඳා .

Legend Of The Moon Lovers 🌜️🌟 Where stories live. Discover now