EPISODE 03

235 58 19
                                    

වසර 23 කට පසු....

දකුණු කොරියාවේ එක්තරා හුදෙකලා ප්‍රදේශයක්. අහස උසට නැගුණු ප්‍රතාපවත් කඳුවැටිය , තැනින් තැන පිහිටා තිබූ කේතුදර වනාන්තර හා තෘණ භූමි , කඳුවැටි දෙකකට මැදිව පිහිටා තිබූ පහත් නිම්නය ඔස්සේ ගලා ආ නිල්වන් ජල දහරාව , ඈතින් හමා ආ සීතල මද සුළඟ සහ නිල් පාට අහස... දුටු දුටුවන්ගේ නෙත් සිත් වශීකෘත කරන්නා වූ තෙල් සායම් චිත්‍රයකට සමාන සුන්දරත්වයකට හිමිකම් කීවා.

සැඳෑ අහස විචිත්‍රවත් කරමින් සූර්යයා බටහිරින් බැස යද්දී මුලු පරිසරයම ඝන අන්ධකාරයකින් වෙලා ගත්තා. වනාන්තරය තුල තිබුනේ දැඩි නිහඩ බවක්. නමුත් ඒ නිහඬ බව බිඳිමින් කලු පැහැති ජීප් රථයක් කේතුදර වනාන්තරය මධ්‍යයේ පිහිටා තිබූ කුඩා පටු මාර්ගය ඔස්සේ වේගයෙන් ඉදිරියට ඇඳෙන්නට පටන් ගත්තා. පැය කිහිපයක ගමනකින් අනතුරුව අවසානයේ එම ජීප් රථය වනාන්තරය මධ්‍යයේ හුදෙකලාව පිහිටා තිබූ දැවයෙන් ඉදිකල කුඩා නිවසක් ඉදිරිපිට නතර කලා.

ජීප් රථයෙන් එලියට බැස්සේ භයානක පෙනුමක් ඇති දේහධාරී මිනිසුන් කිහිපදෙනෙක්. ඔවුන්ගේ මුහුණු වල හා ශරීරය පුරාවටම දක්නට ලැබුණු දරුණු තුවාල කැළැල් වලින් ඔවුන් රොජස්ලා බව හඳුනා ගැනීමට එතරම් අපහසු වුනේ නැහැ. කණ්ඩායමේ හිටපු එක රොජර් කෙනෙක් තමන්ගේ ඉදිරිපිට තිබුනු කුඩා නිවසේ දොරට එක දිගටම තඩි බාන්න පටන් ගත්තා. තත්පර කිහිපයක් ගත වුනා. නිවසේ දොර විවෘත කරගෙන ඉදිරියට පැමිණියේ මැදිවියේ පසු වූ ඔමේගා කාන්තාවක්.

" කෝ උබේ මිනිහා ? "

රොජර් ඇහුවේ තමන් ඉදිරිපිට බයෙන් ගැහෙන ඔමේගාගෙන්.

" එයා... එයා.. ගෙදර නෑ "

ඔමේගාගේ වදන් පිලිනොගත් රොජර් ඇයව පසෙකට තල්ලු කර දමා තම කණ්ඩායමේ තවත් සගයන් දෙදෙනෙකු සමඟ බලහත්කාරයෙන්ම එම නිවස තුලට ඇතුලු වුනා. විනාඩි කිහිපයක් ගත වුනා. මෙතෙක් වෙලා නිවස තුල සැඟව සිටි මැදිවියේ පසුවන පිරිමි බීටාවෙකු අල්ලා ගත් රොජර් ඔහුව බලෙන්ම නිවසින් පිටතට රැගෙන විත් ජීප් රථය ඉදිරිපිට දණ ගැස්සුවා. ජීප් රථයේ හෙඩ් ලයිට් වල ආලෝකය සෘජුවම ඔහුගේ මුහුණට පතිතව තිබුනා.

Legend Of The Moon Lovers 🌜️🌟 Where stories live. Discover now