EPISODE 05

171 49 65
                                    

" ඉක්මනට අරූව අල්ල ගනිල්ලා "

එදා රෑ මුලු මැකව් නගරය පුරාවටම තිබුණේ දැඩි කලබලකාරී ස්වරූපයක්. ආරද් යටතේ සේවය කරන මාෆියාකාරයෝ , නරවෘකයෝ , වැම්පයර්ස්ලා හැමෝම ජන්කුක්ව හොයලා මුලු නගරයම කනපිට ගහන්න පටන් ගත්තා. ජන්කුක් මෙහෙට ආවේ ආරද්ව දඩයම් කරන්න හිතාගෙන.ඒත් දැන් ආරද් ජන්කුක්ව දඩයම් කරන්න පටන් අරගෙන.

නොහිතපු වෙලාවක චෑන් ජන්කුක්ව ආරද්ට පාවලා දුන්නා. චෑන් ආරද්ගේ සහචරයෝ එක්ක ජන්කුක්ව වටකරගන්න කොට කොල්ලා දන්න වැඩ ටික සේරම දාලා කොහොම හරි උන්ගෙන් බේරෙන්න උත්සාහ කලා.ඒත් වැඩේ ජන්කුක් හිතපු තරම් ලේසි වුනේ නෑ.

ජන්කුක් දැන් සාමාන්‍ය මනුස්සයෙක්. ඉතින් වැම්පයර් කෙනෙකුයි නරවෘකයෝ කිහිප දෙනෙකුයි එක්ක හැප්පෙන එක කොල්ලාට ගොඩක් අමාරු වුනා. අන්තිමට වෙන කරන්නම දෙයක් නැති නිසා ජන්කුක් තුන්වෙනි තට්ටුවේ ඉදලා බිමට පැන්නේ කොහොමහරි මේ මර උඟුලෙන් ගැලවෙන්න හිතාගෙන. හොඳ වෙලාවට කොල්ලාව වැටුනේ පාරේ අයිනේ තිබුණු ලොකු කුණු බක්කියකට.

චෑන් උඩ ඉදන් ජන්කුක් දිහා බලන් ඉද්දී ජන්කුක් කුණු බක්කියෙන් එලියට බැහැලා එතන තිබුණු පොඩි පාරක් දිගේ ඉස්සරහට දිව්වේ ආරද්ගේ සහචරයෝ ටික දඩ බල්ලෝ වගේ කොල්ලාගේ පස්සෙන් පන්නන් එනකොට. බතල අලේ වගේ ලොකු ඇඟක් තිබ්බාට කොල්ලාට මීටර් 10 ක් දුවන්න තරම්වත් ෆිට්නස් තිබුනේ නෑ. හොදටෝම හති...ඒ නිසා ජන්කුක් එතන තිබුණු අතහැරලා දාපු ලොකු ගොඩනැඟිල්ලක් පිටිපස්සේ හැංගුනේ ආරද්ගේ සහචරයෝ කොල්ලාව පහු කරගෙන තවත් ඉස්සරහට දුවනකොට.

උඩ ඉදන් පහලට පැනපු පාරට කොල්ලාගේ එක කකුලක වලලුකර ගාවින් ටිකක් උලුක් වෙලා තිබුනා. ඊටත් වඩා චෑන්ගෙන් එල්ල වුනු රිදී කිණිසි ප්‍රහාරයක් නිසා ජන්කුක්ගේ බඩේ වම් පැත්තේ ඇති වෙලා තිබුණු ගැඹුරු කැපුම් පාරවල් නිසා කොල්ලාට ලොකු වේදනාවක් දැනුනා.

ජන්කුක් දැන් කොටු වෙලා ඉවරයි. ආරද්ගේ දඩ බල්ලන්ට අහු වුනොත් එහෙම උන් ජන්කුක්ව නොමරා මරාවි. ජීවිතේ බේර ගන්න ඕනේ නම් කොහොමහරි මැකව් නගරයෙන් පිට වෙන්න ඕනේ. දැනටමත් ආරද්ගේ සහචරයෝ මැකව් නගරයේ සීමාව වටේටම ආරක්ෂාව වැඩි කරලා ඇති. ඒත් ජන්කුක් කොහොමහරි මෙහෙන් පැනගන්න ඕනේ.

Legend Of The Moon Lovers 🌜️🌟 Where stories live. Discover now