✳️CHAPTER 04✳️

1.8K 299 62
                                    

🌷   🌷   🌷   🌷   🌷   🌷   🌷   🌷    🌷
    🌷   🌷   🌷   🌷   🌷   🌷   🌷   🌷

ZHAN P.O.V❤️

මම ඇදට වෙලා හිටියෙ කල්පනා කර කර.. ඒ එක්කම කාමරේ දොර ඇරන් ඇතුලට අම්ම ආවේ හිනා වේගෙන..

"" පුතා ලෑස්තිද එබෝශන් එකට..""

මම නිහඬවම අම්ම දිහා බලන් හිටිය.. තමන්ගෙ හිතත් එක්ක තර්ක කර කර හිටපු මම එක පාරට අඬන්න ගත්තෙ අම්මත් ගැස්සිලා යද්දි..

"" පුතේ මොකද මේ අඬන්නෙ..""

මන් ලගට ආපු අම්ම මාව තුරුල් කරන් එහෙම ඇහුවෙ බිදුනු හඬකින්..

""ම..ට...බෑ...අම්මෙ..මේ..දරුවා..නැති..කරන්න..මට..බෑ..ඒක..කරන්න.."" (ඉකිගසමින්)

"" ඇයි පුතේ බැරි..ඔය දරුවා ඔයා හදාගත්තොත්.. මිනිස්සු මොනා කියයිද ඔයාට.. ඒ ගැන හිතන්න පුතේ..දුක් විදින්නෙ නැතුව.. ඔය ළමයව නැති කරල ඉස්සර වගේ සතුටින් ඉන්න පුතේ..""

මම අම්මගෙ තුරුලෙන් ඈත් වෙලා රතු උන දෙනෙතින් අම්ම දිහා බලන් හිටියෙ..

"" මොනාද අම්මෙ ඔයා මේ කියන්නෙ..එකෙක් කරපු අපරාදෙකට මට පුලුවන් ද මගේ බඩේ හැදෙන දරුවව නැති කරන්න.. මේ දරුවා ආවෙ එයාට ඕනවටද මගේ බඩට.. ඒත් තව ජීවිතයක් අම්මෙ.. එයා මේ ලෝකෙට එන්න ඕන නිසාම මාව අම්ම විදිහට තෝර ගෙන.. ඉතින් මට පුලුවන් ද එයාගෙ ජීවිතය නැති කරල සතුටින් ඉන්න...මට බෑ අම්මෙ.. කවදාවත් මට බෑ මේ දරුවව මගෙන් ඈත් කරන්න..""

"" පුතා.. ""

"" ඇති අම්මෙ ඇති.. මම දන්නවා ඔයාට ඕන ඔයාගෙ පුතා දුක් විදින් නැතුව සතුටින් ඉන්නව බලන්න කියල..ඒත් අම්මෙක් වෙච්ච මම මගේ දරුවව නැති කරල සතුටින් ඉන්නෙ කොහොමද.. මගේ දරුවට තාත්තල ඕන නෑ අම්මෙ.. මම තමයි මගේ දරුවට අම්මයි තාත්තයි වෙන්නෙ..මට පුලුවන් මගේ දරුවා හදා ගන්න..""

"" ඒත් පුතේ..""

"" තව මුකුත් මේ ගැන මට කතා කරන්න දෙයක් නෑ අම්මෙ.. කරුණාකරල මට මගෙ පාඩුවෙ ඉන්න දෙන්න..""

මම අහක බලාගෙන එහෙම කියද්දි.. අම්ම දුකෙන් මන් දිහා බලන් ඉදල එතනින් යන්න ගියා..

දරුවගෙ තාත්තගෙ මූණ මන් එදා රෑ දැක්කත්...ඒ කවුද කින්ද මන්ද කියල මන් දැනන් හිටියෙ නෑ.. ඒ දෙවල් මට දැන ගන්න ඕන උනෙත් නෑ..එදා රෑ ඔහු එක්ක මම ලිංගිකව එකතු උන හන්දා.. මන් ගොඩක් මානසික පීඩනයෙන් විදෙව්වා මේ සතිය පුරාවට..මම හිත් වේදනාවෙන් තැවුනත් ඒ කිසි දෙයක් මන් එලියට පෙන්නුවෙ නෑ..

THE MISTAKE OF LOVE (yizhan)[completed]Where stories live. Discover now