✳️CHAPTER 12✳️

1.7K 293 65
                                    

🌷   🌷   🌷   🌷   🌷   🌷   🌷   🌷   🌷
    🌷   🌷   🌷   🌷   🌷   🌷   🌷   🌷

පහුවදා යීබෝ හිටියෙ ගේ දෙවනක් වෙන්න කෑ ගහන ගමන්.. මොකද නැවට බඩු ටිකත් දාල පිටත් කරල යැව්වම.. මගින් නැව මංකොල්ල කාල කියල යීබෝට ආරන්චි වෙච්ච වෙලාවෙ ඉදන් යකා වගේ තමා හැසිරුනේ..

"" නැව පිටත් උනයෙන් පස්සෙත් කොහොමද බල්ලො එහෙම උනේ..""

මම කෑ ගැහුවෙ ජැකාටයි ජින්ටයි.. උන් දෙන්නම බිම බලාගෙන ඉද්දි.. ඩැරන් වගේම නිනාත් මේ සිද්දිය පැත්තකට වෙලා බලන් හිටියා..

"" කවුද මෙතනම ඉදන් අපිට කෙලවන පරයා.."" 

මම මේසෙට පයින් ගහල මල්පෝච්චියත් පොලේ ගහද්දි.. අනිත් අය නිහඬව බලන් හිටියා..මම එතනින් නැගිටල කාමරේ දොර දඩාං ගහල වහගෙන ඇතුලට වෙලා හිටියෙ ඔලුව පවා කකියන්න ආපු හන්දා ...

හැමදේම සාර්තකව කරන් ඇවිත් අන්තිම මොහොතෙ විනාස වෙලා ගිය එකට මට ජැකා එක්කයි ජින් එක්කයි තිබ්බෙ මරන් කන්න තරම් තරහක්.. රෑ හතත් වෙනකන් මම කාමරේ ඉද්දි මතක් උනේ මගේ පොඩි එකාව.. මම කාමරෙන් එලියට ඇවිත් හැම තැනම හෙව්වෙ චෙනාව.. පූල් එක ලග ඉදගෙන හිටපු චෙනා ගාවට මම දුවල ගියා..

"" චෙනා වාහනේ ගනින් .."" මම එහෙම කියල එතනින් යන්න යද්දි.. චෙනා මට කතා කලා..

"" අයියෙ ""

"" මොකෝ..""

"" ශාන් මල්ලි ගෙදර නෑ..""

"" මොකක්..""

"" හ්ම්.. එයා හවස හයට විතර තනියම ගෙදරින් පිටත් උනේ හොදට ඇද පැලදගෙන එහෙම..""

"" වාහනේ ගනින්කො ඉක්මනට..""

මම ශාන් කොහෙ යන්න ඇතිද කියල හිතන ගමන් වාහනේට ගොඩ උනා.. චෙනාත් එක්ක මම ශාන්ගෙ ගෙදර යද්දි.. හිටියෙ අම්ම විතරයි ..

"" පුතා මේ වෙලාවෙ මොකෝ මෙහෙ..""

"" පුතාව බලන්න හිතුනා අම්මෙ..""

"" පොඩි එක්කෙනා නම් ඉන්නවා.. හැබැයි මහ එක්කෙනා තමයි නැත්තෙ..""

"" කොහෙ ගිහින්ද..""

"" අර වැඩ කරන තැන යැන්ග් කියන ළමයගෙ බර්ත්ඩේ පාටි එකට තමයි ගියෙ..""

THE MISTAKE OF LOVE (yizhan)[completed]Where stories live. Discover now