✳️CHAPTER 11✳️

1.7K 297 39
                                    

🌷   🌷   🌷   🌷   🌷   🌷   🌷   🌷   🌷
    🌷   🌷   🌷   🌷   🌷   🌷   🌷   🌷

බෝතල් වගයක් ජැපන් යවන එක ගැන මේදවස් වල ඩැරන් වගේම යීබෝත් විස්තර ගොඩක් කතා කර ගත්තා.. අද තමයි බෝතල් ටික නැවට දාන දවස.. ඉතින් යීබෝ හිටියෙ ගොඩක් බිසී වෙලා දවසම.. ගොඩක් අවදානෙන් ඉන්න ඕන උනේ ශූගෙන් ඒව පරිස්සමෙන් එහෙට යවා ගන්න ඕන හන්දා.. මොකද ශූ කාරයා යීබෝලගෙ හැම වැඩ කටම ඇගිලි ගහල උන් බඩු උස්සන හන්දා..

(දුරකථනයෙන්)
"" නැවට බඩු දාන ගමන්ද ඉන්නෙ ජැකා..""

"" ඔව් අයියෙ..""

"" ඔතන මොනා හරි අවුලක් උනොත් කියහන් මට ඉක්මනට..""

"" හරි අයියෙ බය වෙන්න දෙයක් නෑ.. ""

"" ජින් කොහෙද..""

"" එයා බැහැගෙන වැඩ..""

"" හරි ඌට කියහන් සල්ලි ටික අතට ගන්න කියල මුලින්ම..""

"" හරි අයියෙ මම කියන්නම්..""

මම පෝන් එක කට් කරල පුටුවෙන් ඉද ගත්තෙ දැන්.. මෙච්චර වෙලා කාමරේ එහෙට්ට මෙහෙට්ට ඇවිද ඇවිද කෝල් වල බිසී වෙලා හිටපු හන්දා.. ඒ ගමන්ම චෙනා දුවන් ආවේ කාමරේ දොරත් ඇරන් මන් ගාවට..

"" ලොකු අයියෙ...""

"" ඕ කියහන් මොකෝ ප්‍රශ්නෙ ..""

"" ශාන් මල්ලි දරුවත් එක්ක මේ වෙලාවෙ එලියෙ ඉන්නෙ..""

""කොහෙද ඉන්නෙ..""

"" කයි බබාට අසනීප වෙලා hospital ගෙනිහිල්ලා..""

"" මගෙ පුතාට මොනා වෙලාද..""

එක පාරට මම පුටුවෙන් නැගිටල එහෙම අහද්දි...චෙනාත් ගැස්සුනා මම කලබල වෙන විදිහ දැකලා..

"" හෙම්බිරිස්සාව විතරයි අයියෙ.. බය වෙන්න දෙයක් නෑ...""

"" දැම්ම යමු...ජීප් එක ගනින්..""

මම පෝන් එකයි වොලට් එකයි අරන් කාමරෙන් එලියට යද්දි...මගේ තරහ හොදින්ම අදුනන චෙනා හිටියෙ බය වෙලා..

හරියටම මාසයක් ගෙවිලා තිබ්බා.. ඒ වෙද්දි ශාන්ටයි දරුවටයි යීබෝ කෑම බීම ඇදුම් පැලදුම් වගේම සල්ලිත් ගෙදරටම යැව්වා.. ශාන් නෙවෙයි ඒ හැමදේම ගත්තෙ හැබැයි.. අම්ම ඒව ගත්තත් ශාන් මුකුත් කියල තිබ්බෙ නෑ... දරුවගෙ නම wang kai කියල ශාන් දාල තිබ්බෙ.. ඒ පණිවිඩය මට ආපු ගමන් මට සතුට දරා ගන්න බැරුව ගියා.. මොකද මගේ වාසගම වෙච්ච wang කියන එක ශාන් කිසිම අකමැත්තක් නැතුව දරුවගෙ නමට එකතු කරපු එකට..

THE MISTAKE OF LOVE (yizhan)[completed]Where stories live. Discover now