✳️CHAPTER 06✳️

1.7K 363 75
                                    

🌷  🌷  🌷  🌷  🌷  🌷  🌷  🌷  🌷  🌷
   🌷  🌷  🌷  🌷  🌷  🌷  🌷  🌷  🌷  🌷

ZHAN P.O.V❤️

මම උදේම ලෑස්ති වෙලා කාමරෙන් එලියට ආවෙ අම්ම ඉන්නවද කියල විපරන් කරන ගමන්.. අම්ම පේන්නවත් හිටපු නැති හන්දා.. මම දොරත් ඇරන් ගෙදරින් එලියට ආවා...අම්ම හිටියනම් මම මේ තත්වෙ ඉද්දි කොහොමත් එලියට යන්න දෙන්න නෑ කියල මම හොදටම දැන ගෙන හිටියා.. ඒ හින්දම අම්මට නොකිය ගෙදරින් එලියට ආවෙ..

කැබ් එකක් නවත්තගෙන ඒකෙ නැගල මම ආවෙ ජුවලරි ශොප් එකට.. මුදු වගේම මාල වලින් රාක්ක පිරිල තියෙද්දි මගේ ඇස් බැබලුවා ඒ දේවල වල ලස්සන දැක්කම..

 මුදු වගේම මාල වලින් රාක්ක පිරිල තියෙද්දි මගේ ඇස් බැබලුවා ඒ දේවල වල ලස්සන දැක්කම

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

"" excuse me sir.. can i help you..""

එතන හිටපු කොල්ලෙක් මට කතා කරද්දි...මම බැලුවෙ ඒ කොල්ල දිහා...මොකද්ද දැන් අහන්නෙ කියල හිතා ගන්න බැරුව.. මම කරේ දාන් හිටපු බෑග් එකේ පටිය අතින් තද කරන් හිටිය..

"" හ්ම්.. මට දැන ගන්න පුලුවන් ද මේ පෙන්ඩන් එක කොච්චරක් වටිනවද කියල..""

මම ඒ කොල්ලට මගේ අතේ තිබ්බ පෙන්ඩන් එක පෙන්නුවම.. ඒ කොල්ල ඒක දිහා ඇස් ලොකු කරන් බලන් හිටියෙ..

"" සර් ඕක බැලූ බැල්මටම කියන්න පුලුවන් ගොඩක් වටින එකක් කියල.. ගානක් හරියටම කියන්න බැරි තරම්..""

"" ඇත්තටමද..""

"" ඔව් සර්..අනිත් එක තමයි ඕක කියල හදවපු එකක්නෙ..""

"" ආ...ඔව් ඔව්..""

""ඒක තමයි ඕක ගොඩක් වටින එකක් සර්.. විකුණන්න නම් එපා..අපරාදයක් වෙන්නෙ..""

"" ආහ් නෑ නෑ.. විකුණන් නෑ.. නිකන් මම මේ ගාණ බලන්න ආවෙ..""

ඒ කොල්ල හිනා වෙද්දි.. මාත් ඒ පෙන්ඩන් එක අතේ ගුලි කරන් හිනා උනා..

THE MISTAKE OF LOVE (yizhan)[completed]Where stories live. Discover now