✳️CHAPTER 41✳️

1.4K 262 56
                                    


🌷   🌷   🌷   🌷   🌷   🌷   🌷   🌷    🌷
    🌷   🌷   🌷   🌷   🌷   🌷   🌷   🌷

"" ඊයෙ ආපු ළමය කවුද පුතේ..""

දරුවවත් තුරුලෙ තියාගෙන tv බල බල හිටපු මගෙන් ආච්චි අම්ම එහෙම අහද්දි.. සෝෆා එකේ හාන්සි වෙලා හිටපු යැන්ග් පවා මන් දිහා බලන්න ගත්තා..

"" ආහ් ඒ මගේ යාලුවෙක්..""

"" එහෙමද..""

"" ඇයි අත්තම්මෙ ඇහුවෙ..""

"" නෑ මට අල්ලපු ගෙදර නෝන කිව්ව ඒ ළමය ඊයෙ වාහනේ ලගට වෙලා වැස්සෙ තෙමි තෙමි අඬ අඬ හිටියෙ කියල.. ඒකයි මන් බැලුවෙ පුතා දන්න කෙනෙක්ද කියල..""

"" ආහ්..""

"" ඒ ළමයට මොකක් හරි ප්‍රශ්නයක් ද පුතේ..""

"" ඔව් පවුලෙ ප්‍රශ්නයක්..""

යීබෝගෙ හිත ගොඩක් රිදෙන්න ඇති.. නැත්තම් එයා ඔහොම අඬන කෙනෙක් නෙමෙයිනෙ.. එයා අඬල නෙවේ පොළොවෙ පස් කෑවත් ශාන් උබ උබගෙ හිත පාලනය කරගනින්..

මම හිතේ තිබ්බ දුක වහන් ආච්චි අම්ම එක්ක කතා කරෙ කරන්න දෙයක් නැති කමට..

මුලදි මම මේ පරිසරයට එච්චර කැමැත්තක් නොදැක්කුවට දැන් එන්න එන්න මම මේ ගමට වගේම ගෙදරටත් කැමති.. ගස් කොළන් එක්ක පිරිසිදු හුළග විදිමින් ජීවත් වෙනවා කියන එකම හිතට ලොකු සහනයක්.. නිහඬ වට පිටාව සුන්දර ගං ඉවුරු , කදු බෑවුම් මගේ හිතම වෙලා ගන්න සමත් උනා..

බින් මට කියන්නෙම යීබෝව අමතක කරල අලුත් විදිහට ජීවිතේ පටන් ගනින් කියල.. ඌ නොකිය කියන්නෙ මට කසාඳයක් කර ගන්න කියල.. ඒත් මට ඒකට හිත දෙන් නෑ.. මොකද මගෙ හිත පිලි ගත්තත් නැතත් මම තවම යීබෝට ආදරෙයි.. එයත් එක්ක ගත කරපු පුංචි කාලෙ හරි මට ඇති උනා ජීවිත කාලෙටම මතක තියා ගන්න.. එයාව අමතක කරන්න බැරි වෙයි මට මැරෙනකන්.. මොකද එයාගෙ ලෙයින් උපන් දරු පැටිය මන් ලග නිසා.. මම කොහොමද වෙන කෙනෙක් ගැන හිතන්නෙ වත්.. නොවෙන දේවල් කියල මගෙ ලේ පුච්චන්න එපා බං කියල මම නිතරම බින්ට බයිනවා.. ඌටයි මටයි දැන් ඔය මාතෘකාව සාමාන්‍ය දෙයක් වෙලා..

හිත මුලා කෙරූ කලාවකී ආලේ....
හිමි වීම සිහිනෙකි ලෝකේ....
නොලැබීමට පෙම් කරපු තරම්....
අපි අතීතයේ හිනා වෙලා ආවේ..
හමු වීම ඉරණම මාගේ
සිහිවීමත් දැන් ‍රිදෙන තරම්...
කෙලෙසින්දෝ මග හැරුනේ..
විශ්වාසයෙන් පැවරූ හිමිකම්...
හැමදාමත් ඉල්ලන්නේ
මොහොතක් ඒවාගෙ සැනසීමක්...
මැකී ගියාට මේ හීනේ..
රෑ ඒ අදුරේ...
පාලුවෙන් ලෝකේ
ඉස්තරම් ඒ ආලේ
මතක ගානේ හැංගුවාද.....

THE MISTAKE OF LOVE (yizhan)[completed]Where stories live. Discover now