✳️CHAPTER 24✳️

1.4K 265 62
                                    

🌷   🌷   🌷   🌷   🌷   🌷   🌷   🌷   🌷
    🌷   🌷   🌷   🌷   🌷   🌷   🌷   🌷

අදට හරියටම සති දෙකක් ගෙවුනා මම හිටියෙ ශාන් එක්කයි දරුව එක්කයි... එයාලට අනතුරක් කියල දැනුන දවසෙ ඉදන් මට ඒ දෙන්නව තනි කරන්න හිතක් දුන් නෑ.. දරුවගෙ දග වැඩයි ශාන්ගෙ හිතුවක්කාරකම් වලිනුයි මේ දවස් ටික ගෙවිල ගියා..

"" මම ඉන්නෙ යීබෝගෙ තැනක බං..""

ළමයව නලව නලව මම ඇදේ ඉදගෙන බලන් හිටියෙ ජනේලෙ ලග ඉදන් එලිය බලන් ෆෝන් එක කනේ ගහන් ඉන්න ශාන් දිහා..

"" උබ එනවනම් වරෙන් මම එයාට කියන්නම්..""

ශාන් බිනාට එන්න කිව්වට.. මගෙන් අවසරවත් ගත්තෙ නැති කොට.. කනේ ගහන් ඉන්න ෆෝන් එක පොලේ ගහන්න හිතුනෙ.. මම විතරක් මෙයාලව පරිස්සම් කරන්න මහන්සි වෙද්දි.. ශාන් ගානක් නැතුව එක එකාව ගෙදට්ට ගෙන්න ගන්න යන එකට නම් මම කිසිම කැමැත්තක් තිබ්බෙ නෑ..

"" හරි බං.. පස්සෙ වෙලාවක කතා කරන්නම්කො මම..""

ෆෝන් එකේ මල් කඩ කඩ හිටපු ශාන් මන් දිහා බලල මගෙ ලගින් ඉද ගත්තෙ දරුවගෙ කම්මුලක් සිප ගනිමින්..

'"" කාගෙන් අහලද ඌට මෙහෙ ඉන්න කිව්වෙ දැන්..""

"" අනේ ඉතින් බින් මගේ යාලුවනෙ..""

කිසිම වචනයක් නොකියපු මම දරුවව ඇදෙන් තියල.. ශාන්ගෙ උරහිස් වලින් අල්ලන් ඒ ඇස් දිහා කෙලින් බලන් හිටියෙ ශාන් බය වෙලා වගේ මන් දිහා බලන් ඉද්දි..

"" කිසි කෙනෙක් මෙහෙ ගේන්න හදන්න එපා ශාන් මගෙන් අහන්නෙ නැතුව.. මොකද ඔයාලගෙ ආරක්ශාව තමයි මට වැදගත්.. මගේ තියන බලය හැටියට මම මෙහෙම හැංගිල ඉන්න ඕන කෙනෙක් නෙවේ.. ඒත් මට බයයි ඔයාල දෙන්නට කරදරයක් වෙයි කියල .. ඒකයි හැමදේකින්ම ඈත් වෙලා ඔයාලවත් අරන් මෙහෙ ආවෙ..""

මට අදවත් මගෙ හිතේ තියන දේ කියන්න ඕන උනා.. ශාන් හිතුවක්කාර කම් කරද්දි මෙහෙම.. මට මේ දේවල් තනියම දරා ගන්න පුලුවන් කමක් තිබ්බෙ නෑ.. එයාටත් තේරුම් කරන්න ඕන උනා මම විදින දුක මොකද්ද කියල.. මම නැති උනත් දරුව හදන් ඉන්න එයාට ශක්තියක් තියෙන්න ඕන.. ඒකට දැන් ඉදලම එයා මිනිස්සු කවුද කියල අදුන ගන්න ඕන.. ඒකට මම එයාට උදව් කරන්නත් ඕන.. ඉතින් මට ඕන දුර්වල ශාන් කෙනෙක් නෙවේ.. කුණාටු නෙවේ සුනාමි ආවත් දෙපයින් හිටගෙන ඉන්න පුලුවන් ශාන් කෙනෙක් මට ඕන උනේ.. ඉතින් තලල පෙලල හරි මම දැන් ශාන්ව හොද අම්ම කෙනෙක් කරවන්න ඕන වගේම හොද හස්බන්ඩ් කෙනෙක් කරවන්න ඕන..

THE MISTAKE OF LOVE (yizhan)[completed]Where stories live. Discover now