✳️CHAPTER 42✳️

1.5K 265 67
                                    

🌷   🌷   🌷   🌷   🌷   🌷   🌷   🌷   🌷
    🌷   🌷   🌷   🌷   🌷   🌷   🌷   🌷

"" ගන්න ඕන ඔක්කොම ගනින් බං ඇබරෙන් නැතුව..""

"" හරි හරි බං..""

අද පොඩි එක්කෙනාගෙ අවුරුදු තුනේ උපන්දිනේ නිසා මමයි බිනායි ආවෙ පොළට බඩු වගයක් ගන්න.. බින්ට කරදර කරන්න බැරි කමට මම ගන්න ඕන දේවල් පවා මගෑරල යද්දි.. බිනා මගෙ ඔලුවටත් දැවැන්ත පහරක් එල්ල කරේ මගේ මූණ ටයර් එහෙකට අහු උන අඹ ගෙඩියක් වගේ වෙද්දි..

"" පොඩි එකාට සෙල්ලම් බඩුවක්වත් ගනිම් බං විකාර නොකර..""

"" හරි බං කෑ ගහන්නෙ නැතුව හිටපන්කො පොඩ්ඩක්..""

අන්තිමට මායි ඌයි

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

අන්තිමට මායි ඌයි.. එතන තිබ්බ ලොකුම ලොකු සෙල්ලම් බඩු තියෙන ශොප් එහෙකට ගිහින් පුතාට පුංචි සෙල්ලම් කාර් එකක් වගේම තව පොඩි පොඩි සෙල්ලම් බඩු ටිකකුත් අරගෙන එලියට බැස්සෙ.. උදේ හතට ආපු වෙලාවෙ ඉදන් පොළේ එහෙට මෙහෙට ගිහින් ගිහින් බඩු තෝරල අපි දෙන්න දැනටම හෙම්බත් වෙලා හිටියෙ..

"" කේක් එක අත්තම්ම හදනව කිව්වද බං..""

"" ඔව් අත්තම්මට එයාගෙ අත් දෙකෙන්ම හදන්න ඕන කියල මට ඊයෙ රෑ ඉදන් කියන්නෙ..""

"" එහෙනම් ඉතින් වෙන මුකුත් ගන්නත් නැති එකේ යමුනේ..""

"" හ්ම්.""

අන්තිමට පැයකටත් වැඩිය පොළේ හිටපු අපි දෙන්න ටැක්සි එහෙක නැගල ගෙදර ආවා.. වාහනෙන් බැහැල ගෙට ගොඩ වෙන්න කලින් මගෙ ඇස් ගියෙ මිදුලෙ නවත්තල තිබ්බ කාර් එකට.. එයා නෙමෙයි කියල හිතුවත් ගෙට අඩිය තියද්දිම දැක්ක ඒ රුවට මගෙ කකුල් පන නැති වෙන්න ආවා..

"" ආහ් පුතා ඔයා ආවද..""

යීබෝ ආච්චි අම්ම එක්ක හිනා වෙවී කතා කර කර ඉන්නවා දැක්කම මගෙ ඔලුවට හෙන ගැහුව වගේ දැනුනෙ..

THE MISTAKE OF LOVE (yizhan)[completed]Where stories live. Discover now