|02|

618 145 56
                                    

"ඔහ්.. මන් කොච්චර කාලෙකින්ද මේ පැත්තට ආවේ.. ඇත්තටම මූසලයි වගේ..."

මන්දිරේ නැගෙනහිර පැත්තට ඇවිදගෙන යන ගමන් ජන්කුක් තමන් එක්කම කතා කරා...

"දෙවියනේ.. මට අප්පගෙන් කාමරේ අහන්න බැරි උනානේ... දැන් හැම එකටම තට්ටු කරන්න ඕනිද..."

කටෙනුත් ඇගිල්ලක් තියාගෙන කාමර වලට බෙදුනු දොරවල් පෝලිමට විහිදුනු කොරිඩෝ එක දිහා බලන් හිටියා...

"මම කොහොමද කතා කරන්නේ... මිස්ටර් කිම්... අන්කල්.. ම්ම්හ්.. ඒක ගැලපෙන් නෑ.. මන් එච්චර පොඩි නෑනේ..."

තමන්ගේ ඇග දිහා බලන ගමන් ජන්කුක් ආයෙත් කල්පනා කරා...

"මිස්ටර් කිම්.. කෝකටත් ගැලපෙනවනේ.. මට ලිට්ල් ප්‍රින්ස් කීවේ..."

තමන්ගේ රත් උන කම්මුල් වලට අත තියන ගමන් ජන්කුක් තනියම කතා කරන දිහා වෙන කෙනෙක් දැක්කන්නම් ඇත්තමයි පිස්සු කියලා හිතාවි...

"මේ කාමරේ එලියක් පේන්නේ නෑනේ... ඔහ් මෙච්චර ඈත කාමරයක් ඇයි ලෑස්ති කරලා තියෙන්නේ... අපේ පැත්තේ ඕනතරම් කාමර තියනවානේ... මේක කරදරයිනේ..."

තනියම කියවන ගමන් දොර යට පොඩි තීරුවෙන් එලියක පිටට පේන කාමර හොය හොය ජන්කුක් ඉස්සරහට ගියා...

"ඕඕඕහ්හ්...ඔම්මාආආ..."

ජන්කුක් හයියෙන් කෑ ගහලා පපුවටත් අතක් තියාගෙන පිටිපස්සට පැන්නේ ලගම තිබුන කාමරේ දොර එකපාරටම ඇරිලා වේගෙන් හුලගක් ඇවිත් ඇගේ වැදුන හින්දා...

"ඕහ්.. මම ඔබව බය කරාද... සමාවෙන්න..."

ටේහ්‍යොන්ග් ඉක්මනට බිත්තියට හේත්තු වෙලා ඉන්න ජන්කුක් ගාවට ලන් වෙනකොට ජන්කුක් ලැජ්ජාවටම බිම බලාගත්තා... තමන් කලින් කෑ ගැහුව විදිය මතක් වෙලා ජන්කුක්ට ලැජ්ජා හිතුනා...

"ඒකට කමක් නෑ මිස්ටර් කිම්..."

කන් දෙකත් රතු කරගෙන හීනියට කීව ජන්කුක් ඇස් දෙක උස්සලා බැලුවා... ටේහ්‍යොන්ග් හිටියේ සැහැල්ලු ඇදුමකින් සැරසිලා...කලින් පිලිවලට තිබුනු කොන්ඩේ ඇවිස්සිලා සෙල්ලක්කාර පෙනුමක් ඇවිත් තිබ්බත් තාමත් කලින් තිබුනු ගාම්භීර බව ඒ විදියටම ඒ මූනෙන් පේන්න තිබුනා...

• 𝐅𝐨𝐫 𝐘𝐨𝐮 𝐀𝐧𝐝 𝐌𝐞...•| 𝐓𝐚𝐞𝐊𝐨𝐨𝐤 |ᵒⁿᵍᵒⁱⁿᵍWhere stories live. Discover now