|20|

233 68 186
                                    

ජන්කුක්ගේ අග රෝස පාට බෝල උන ඇගිලි තුඩු ටේහ්‍යොන්ගේ ඇහි බැම දිගේ සීරුවට එහෙ මෙහෙ ගියා... ඔහුගේ ඇහි බැම මේ තරම් ඝන ඇයි... කිසිම නඩත්තුවක් නොකෙරුවත් ඒවා ගොඩාක් ලස්සන විදියට තමන්ට පෙනෙන්නේ ඇයි... ජන්කුක් ටේහ්‍යොන්ගේ වැහුනු දිග ඇස් පිහාටු දිහා බලලා ඒවට අත තියන්න ඇගිලි තුඩු යැව්වත් ආයෙත් මොහොතක් ගතවෙන තැන ඇගිලි අකුල ගත්තා...

"මිස්ටර් කිම් ගොඩාක් කඩවසම්..."

"........"

"ඔබේ වචන මොන තරම් ගැඹුරු උනත් ඒවා මට හිතන්න පහසු කරන්වා..."

"........"

"මම හැමදාමත් පියානෝවා වාදනය කරනකොට සිතින් මවාගන්නවා මිස්ටර් කිම් කියනවා වගේ හැබැහින් දකින්න බැරි උනත් මම හිතින් මවාගන්න උත්සාහා කරන ලස්සන පරිසරය..."

"......."

"මගේ සිතුවිලි සම්පූර්නයෙන්ම වෙනස් වෙලා... මිස්ටර් කිම් කියන සමහර දේවල් මට ඇත්තටම තේරුම්ගන්න අපහසුයි.. මිස්ටර් කිම් ඇත්තටම මට වැඩිය පරිනතයි.."

ජන්කුක්ගේ කටහඩ හෙමීට මිමිනුවා... ජන්කුක්ගේ ඇස් අද කලින් ඇහැරිලා... ජන්කුක්ට කලින් දවසේ දන්නෙම නැතුව නින්ද ගිහින් තිබ්බා.. උදේ අවදි වෙනකොට ජන්කුක්ගේ ඉන වටේ බර අතක වැටිලා තිබ්බම ජන්කුක්ට හුස්මගන්නත් අමතක උනා.. උදේ ඉර එලිය සුදු පාට ලේස් ජනෙල් තිර අස්සෙන් බිම නිදන් හිටපු ජන්කුක්ගේ මූනටම වැටුවා... ජන්කුක් ටේහ්‍යොන්ගෙන් එහාට වෙන්න උත්සාහා කරත් ටේහ්‍යොන්ගේ ශක්තිමත් ග්‍රහනයත් එක්ක ජන්කුක්ට මුකුත් කරගන්න හම්බුනේ නෑ...

ටේහ්‍යොන්ගේ අත් අතර හරිම උණුසුම්..ඒ වගේම සැපපහසුයි... ජන්කුක්ට ටේහ්‍යොන්ග් ගාවින් ආපු දුම් සුවදත් එක්ක මිශ්‍ර උන ජන්කුක්ගේ සුවද සබන් වල සුවද අමුතු විදියට දැනුනා.. ටේහ්‍යොන්ගේ සුදු පාට කපු රෑ ඇදුමේ උඩ පටි කීපයක්ම ලෙහිලා තිබ්බා.. ඒ නිරාවරනය උන ඇදුම අතරින් ජන්කුක් දැක්කේ ලාවට රෝම වැව්නු ටේහ්‍යොන්ගේ පපුව.. ජන්කුක් නිකන්ම කම්මුල් රතු කරගත්තා.. ජන්කුක්ට මතක් උනා එදා මන්දිරේ ටේහ්‍යොන්ගේ තුවායක් විතරක් ඇදගෙන තරප්පු පෙල බැහැගෙන ආපු විදිය.. ජන්කුක් නොසන්සුන් විදියට එතනින් දුවපු එක.. ජන්කුක් අත් දෙක එකට ගුලි කරගෙන ඇහිපිය දෙක තුනක් ගැහුවා..

You've reached the end of published parts.

⏰ Last updated: May 03 ⏰

Add this story to your Library to get notified about new parts!

• 𝐅𝐨𝐫 𝐘𝐨𝐮 𝐀𝐧𝐝 𝐌𝐞...•| 𝐓𝐚𝐞𝐊𝐨𝐨𝐤 |ᵒⁿᵍᵒⁱⁿᵍWhere stories live. Discover now