|03|

447 127 55
                                    

ජන්කුක් හිටියේ තමන්ගේ අතේ තිබුනු පොතත් ඇගිලි තුඩු වලින් තද කරගන්න ගමන් පාර දිගේ ඇවිදගෙන යන ගමනුයි.. ජන්කුක් අපහසුතාවයෙන් වගේ හිටියේ තමන්ට එහා පැත්තෙන් ඇවිදගෙන ගිය කෙනා හින්දයි...

උදේමත් නැතුව ටිකක් දවල් වෙලා ජන්කුක් ටේහ්‍යොන්ග් එක්ක මන්දිරයෙන් පිටත් උනේ කලින් දවසේ පොරොන්දු උන විදියට පුස්තකාලයට යන්නයි... අද ටේහ්‍යොන්ග් එක්ක යන්න පොරොන්දු උන නිසාම කලින් දවසේ ජිමින් එක්ක නොයා ආයෙත් හැරිලා යන්න ජන්කුක් තීරනේ කරා....

ටේහ්‍යොන්ග් සාක්කු දෙකට අත් දෙක දාගෙන වටපිට බලන ගමන් ඉස්සරහට යනකොට ජන්කුක් සැරෙන් සැරේ ටේහ්‍යොන්ග් දිහා බලන ගමන් ඉස්සරහට ඇවිදන් ගියා...

"මෙහෙ මම හිතුවට වැඩිය ලස්සනයි..."

ටේහ්‍යොන්ග් කියනකොට ජන්කුක් ඇස් ලොකු කරලා වටපිට බැලුවා.. ඒ වෙලාවේ ලොකු ගස් වලින් වැහුනු මාවත් පහු කරමින් ඔවුන් හිටියා... ටිකක් අදුරු උන ඒ ස්තානය කවදාවත් නැතුව ජන්කුක්ට ලස්සනට පේන්න පටන් ගත්තා...

"ඕ..මිස්ටර් කිම් තවත් දැකලා නැහැනේ, මෙහෙ තවත් ලස්සන තැන් ගොඩාක් තියන්වා, මිනියි මායි විතරක් දන්න තැනුත් තියනවා...."

අන්තිම ටික රහසින් වගේ කටටත් අත් තියලා හෙමින් කියන ජන්කුක් දිහා ටේහ්‍යොන්ග් යන්තම් හිනා වෙලා බැලුවා..

"කවුද මිනී කියන්නේ...."

"ඔහ්, ඒ මගේ හොදම යාලුවා.. ඊයේ මාත් එක්ක හිටියේ...."

ජන්කුක් කිව්වහම ටේහ්‍යොන්ග් කල්පනා කරලා ඔලුව වැනුවා...

"ඉතින්, මොනවද ඒ ඔයාලා විතරක් දන්න තැන්..."

"ම්ම්.. ඒක මෙහෙමයි , මම ඒක මිස්ටර් කිම්ට කීවොත් ඒවා අපි විතරක් දන්න තැන් වෙන්නේ නැහැනේ...."

බරපතල දෙයක් කියනවා වගේ කටට ඇගිල්ලකුත් තියාගෙන ජන්කුක් කියනකොට ටේහ්‍යොන්ග් ඇහි බැමක් උස්සලා බැලුවා..

"ක්හ්ම්... ඕන නම් මට පුලුවන් මිස්ටර් කිම්ටත් ඒ තැන් පෙන්නන්න... හැබැයි නිකන් බෑ..."

"අහ්..."

ජන්කුක් කියන ඒවට දෙන්න ඕන උත්තර මොනවද කියලා ටේහ්‍යොන්ග්ට ඇත්තටම හිතාගන්න බැරි උනා...

• 𝐅𝐨𝐫 𝐘𝐨𝐮 𝐀𝐧𝐝 𝐌𝐞...•| 𝐓𝐚𝐞𝐊𝐨𝐨𝐤 |ᵒⁿᵍᵒⁱⁿᵍWhere stories live. Discover now