|16|

354 97 93
                                    

හිම දියවෙලා... පරිසරේ හිම තිබ්බ බවක් කියන්න සාක්ශි තිබ්බේ තාමත් කොල ආපු නැති ගස් කදන් විතරයි.. ඒත් සරත් සෘතුව අවසන් වෙලා සීත සෘතුවට කොල හලපු ගස් අග මේ වෙනකොටත් අලුත් දලු පීදිලා... මේ එන්නේ වසන්ත සෘතුව... වටපිටාවම අලුතින් ආරම්භ වෙන්නේ මේ කාලේ...

ටේහ්‍යොන්ගේ උද්‍යානෙත් වසන්ත මල් පිපෙන මල් පදුරු ආයෙත් දලු දාගෙන අලුත් වෙන්න පටන් අරන්... දම් පාටින් මල් කිනිති පිපෙන වැල් ආයෙත් නැවුම් විදියට ආරුක්කු දිගේ ඉහලට නගින්න පටන් ගන්නකොට උද්‍යානේ ආරම්භ උනාට සාපේක්ශව ලොකු ලස්සනකින් යුක්ත උනා....

ටේහ්‍යොන්ග් ටිකක් උදේ පහු වෙන්න මන්දිරේ ලියුම් පෙට්ටියෙන් ලියුම් අරගෙන එකින් එක බලන ගමන් ආයෙත් වෛද්‍ය මධ්‍යස්තානයට ඇවිදන් යන්න පටන් ගත්තා... ඇවිත් පිටිපස්සේ දොර විවෘත කරලා ඇතුලට ඇවිත් ප්‍රධාන මේසේ ගාවම තිබ්බ මේසේ උඩ තිබුනු වේවැල් කූඩේ ඇතුලට ලියුම් ටික අතෑරියා.. ඒකේ ලා දුඹුරු පාට ලියුම් කවර අතරින් ලිපින වලින් තෝරගත්ත ලියුම් කීපයක් පරීක්ශා කරලා බලපු ටේහ්‍යොන්ග් අනිත් ටික එහෙමම තියෙන්න ඇරලා තමන්ගේ වැඩ වලට අවදානේ යොමු කරා...

ඒත් එක්කම ඉස්සරහින් ඇහුන සීනු හඩත් එක්ක ටේහ්‍යොන්ග් ඇස් උස්සලා ඉස්සරහා බැලුවා...

"සුභ උදෑසනක් මිස්ටර් කිම්... මම ප්‍රමාදයිද..."

"හරියටම විනාඩි පහලවක් ප්‍රමාදයි මිස් යැන්සි... "

"මට සමාවෙන්න මිස්ටර් කිම්... අද හැමතැනම කලබලකාරියි... මට ප්‍රමාද උනා එනකොට..."

"හොදයි.. තාම රෝගීන් එක්කෙනෙක්වත් ඇවිත් නැති හින්දා ගැටලුවක් නෑ... ශල්‍යාගාරේ අඩුපාඩු බලලා හදන්න... අලුත් බෙහෙත් දියර ඕන නම් අර කාමරෙන් ගන්න..."

ටේහ්‍යොන්ග් එහෙම කියන ගමන් ආයෙත් තමන්ගේ උපැස් යුවල දාගත්තා... යැන්සි වෛද්‍ය මධ්‍යස්තානේ අලුතින් සේවයට ආපු හෙදිය... ටේහ්‍යොන්ග් කියන්නෙ මේ ප්‍රදේශ්‍යටම සම්පතක්.. මේ තරම් හොද වෛද්‍යවරයෙක් මෙහෙ ප්‍රතිකාර කරන එක හැමෝටම ගොඩාක් වටිනවා... ඒ වගේම එන සෙනග ප්‍රමාණයත් එක්ක ටේහ්‍යොන්ග්ට තනියම දේවල් කරන්න පහසු උනේ නැහැ... ජන්කුක් ඉන්නකොට ඇවිත් උදව් කරත් මේ ක්ශේත්‍රය ගැන යම් දැනුමක් තියන් කෙනෙක් ටේහ්‍යොන්ග්ට අවශ්‍ය උනා...

• 𝐅𝐨𝐫 𝐘𝐨𝐮 𝐀𝐧𝐝 𝐌𝐞...•| 𝐓𝐚𝐞𝐊𝐨𝐨𝐤 |ᵒⁿᵍᵒⁱⁿᵍWhere stories live. Discover now