|04|

405 120 24
                                    

"දැන් ඇති කුක්..."

ජිමින් තමන්ගේ කටට අත තියලා ඈනුමක් ඇරියම ජන්කුක් ඇස් දෙක රෝල් කරා...

"හොදයි මන් දැන් මිස්ටර් කිම් ආශ්‍රය නොකරත් එයා ගැන ගොඩාක් දේවල් දන්නවා..."

ජිමින් කියනකොට ජන්කුක් අතේ තිබ්බ අවාන අකුලලා ජිමින්ගේ පිට මැදට ගැහුවා...

"විහිලු නෙවෙයි මිනී මන් දුකින් ඉන්නේ..."

"ඇයි දැන්.. මොකක්ද ප්‍රශ්නේ..."

ජිමින් ජන්කුක්ගේ පැත්තට හැරිලා වතුරේ ඔබන් හිටපු කකුලක් උඩට ගන්න ගමන් ඇහුවම ජන්කුක් හොද හුස්මක් පාතට දැම්මා...

"මට ඕන නැහැ කොලේජ් එකට යන්න..."

"ඒත් ඔයාට යන්නම වෙනවා කුක්.. නැත්නම් අන්කලුයි ආන්ටියි දුක හිතයි.. අනික අපිට බෑ හැමදාම ගෙදර ඉන්න..."

අන්තිම ටික ජිමින් හිමින් මුමුනනකොට ජන්කුක් ජිමින්ගේ අත අල්ලගත්තා...

"ඒත් මටත් ඕන ඔයත් එක්ක එන්න... "

ජිමින් ඒකට ඔලුව වනන ගමන් ආයෙත් කකුල වතුර ඇතුලට දා ගත්තා...

"ඇත්තටම කියන්න ඔයා නැටුම් ඉගනගන්නවට ඩෑඩ් කැමති උනාද..."

ජන්කුක්ට ඒකට තිබ්බෙ කුතුහලයක්..මොකද පිරිමි කෙනෙක් නර්තනය හදාරන එක නිතරම උන දෙයක් නෙවෙයි...

"හ්ම්ම්.. මන් වෙන දෙයක් අකමැත්තෙන් කරනවට වැඩිය මේක කරන එක හොදයි කියලා එයාලා තේරුම්ගත්තා..."

දෙන්නම ටිකක් වෙලා හිනා උනා... දෙන්නටම එයාලා කැමති දේ ලබාගන්න අවුරුදු කීපයක් හිතුවක්කාරකම් කරන්න උනා...

"ජූන් හ්‍යුන්ග් ඉන්න නිසා හොදයි.. නැත්නම් මට මෙහෙම ඉන්න ලැබෙන එකක් නෑ..."

"අපිට සති අන්තේ මුනගැහෙන්න පුලුවන්..."

"ඒත් මට ඔයාව හුගක් මතක් වෙයි..."

දෙන්නටම වෙනස් කොලේජ් දෙකකට යන්න උන එක ගැන තිබ්බෙ දුකක්... හැමදාමත් මුන ගැහුන නිසා පවුලේ කෙනෙක් තරම්ම ජිමින් ජන්කුක් සමීපයි...

"කමක් නැහැ...අද අපි මොකද කරන්නේ... ඔයාට හොදටම විස්වාසද මේ වෙලාවට එතන කවුරුත් නැහැ කියලා..."

• 𝐅𝐨𝐫 𝐘𝐨𝐮 𝐀𝐧𝐝 𝐌𝐞...•| 𝐓𝐚𝐞𝐊𝐨𝐨𝐤 |ᵒⁿᵍᵒⁱⁿᵍKde žijí příběhy. Začni objevovat