|13|

828 129 42
                                    

ජනේලෙන් එලියේ ඝනකමට හිම වැටෙනවා... ඒ කියන්නෙ මේ සීත කාලේ ඒ වගේම තවත් දවසකින් නත්තල... ජන්කුක් තමන්ගේ උණුසුම් කාමරේට වෙලා ඇදේ එරමිනියා ගොතාගෙන ජනේලෙන් පේන සුදු පාට දිහා බලන් හිටියේ....

කාලේ ඉක්මනින් ගෙවිලා යනවා, ජන්කුක් තවත් ටික දවසකින් ආයෙත් කොලේජ් එකට යන්න ඕන.. ඒත් ඊට කලින් නත්තල සමරන්න තියනව....

කම්මැලි හිතුනත් ජන්කුක් ඇදෙන් බිමට බැහැලා ඇතිරිලි අස්සේ තිබුනු උනුසුම් බෝතලෙන් අත් දෙකට තුරුල් කරගත්තා... මේ තරම් තද සීත කාලේ නිසා හැම කාමරයකම ගිනි උදුන අනිවාරෙන්ම දැල්වුනා...ජන්කුක්ගේ කාමරේ තිබ්බ ගිනි උදුනත් දැල්වෙන ගමන් දුන්න උනුසුම හින්දා එලියේ කොච්චර සීතල උනත් ඇතුල උනුසුම්ව තිබ්බා...

ජෝන් මන්දිරය කියන්නෙ ප්‍රදේශයෙන්ම ධනවත් පවුල... ඒ නිසාම ඔවුන්ට කිසිම දේකින් අඩුවක් උනේ නෑ... තට්ටු තිබුනත් නිවස උනුසුම්ව තබාගන්න තරම් ඔවුන්ට හැකියාවක් තිබුනා...

උනු ජලයෙන්ම මූන සෝදන් ඇදුම් මාරු කරගත්තු ජන්කුක් සීතලට අදින ලොකු කබායත් අරගෙන තමන්ගේ අවානත් කබා සාක්කුවකට දා ගන්න ගමන් හෙමින් තරප්පු පෙල බැස්සා...

ඒ වෙලාව වෙනකොට උදේ නමයත් පහු වෙලා තියනකොට නම්ජූන් එක්ක ජෝන් කර්මාන්තශාලාවට පිටත් වෙලා තිබුනා...

"ඔයා නැගිට්ටද කූ... එන්න මෙහෙට..."

කෑම කාමරේ ඉදන්ම ජෝන් මහත්මිය කතා කරනකොට ජන්කුක් කෑම කාමරේට වාඩි වෙලා කෑම ගන්න පටන් ගත්තා..

"ඔම්මා අද මන් මිනීත් එක්ක ගොවිපලට යනවා.. ජෙරම් අන්කල් කිව්වා අලුත් පැටව් ඉපදිලා කියලා... "

ජන්කුක් කෑම ගන්න අතරේම කියනකොට ජෝන් මහත්මිය ජන්කුක්ගේ පිගානට අඩු පාඩු බෙදුවා...

"ඔයාගේ මිනී පණිවිඩයක් එවලා තිබුනා එයාට අද එන්න වෙන්නෙ නැහැ කියලා... කොලේජ් එකේ වැඩකට ටවුන් එකට යනවා කියලා..."

ඒ වෙලාවේ ජන්කුක්ගේ මූන දුකින් බර උනා...එයා නැගිටින්න පරක්කු උන නිසා තමයි ඒක මගෑරුනේ... ඒත් මිනීව නවත්තන්න බෑනේ... එයාලා කතා වෙලාමයි හිටියේ අලුත් පැටව් ඉපදුනාම එකටමයි බලන්න යන්නෙ කියලා...

• 𝐅𝐨𝐫 𝐘𝐨𝐮 𝐀𝐧𝐝 𝐌𝐞...•| 𝐓𝐚𝐞𝐊𝐨𝐨𝐤 |ᵒⁿᵍᵒⁱⁿᵍWhere stories live. Discover now