|19|

275 79 53
                                    

ජන්කුක් කම්මුල් දෙකට අත් දෙක තියලා දෙපාරක් විතර තට්ටු කරලා හරි සිහියට ආවා....

"මේ දේවල් පිලිවෙල මදිද..ඔහ්.. මිස්ටර් කිම් හිතාවිද මම අපිලිවෙලයි කියලා...දෙවියනේ..."

ජන්කුක් තමන් එක්කම ඕනවට වඩා නාට්‍යානුසාර උනා..පිටින බැලුවොත් කෙනෙක්ට එහෙම හිතෙන්න පුලුවන්..ඒ උනාට ජන්කුක් ඇත්තටම කලබල වෙලා හිටියා... මීට ටික වෙලාවකට කලින් ජන්කුක් දුන්න උත්තරේට ජන්කුක් එක මුහුනු චලනයක තරම් ප්‍රතිචාරයක් ටේහ්‍යොන්ගෙන් ලැබුනේ නැහැ... ජන්කුක් වරදක් කරාද.. ජන්කුක් ඒක ගැන නොහිතා ඉන්න උපරිම උත්සාහ කරා.. මොකද ජන්කුක්ට එයාගේ අවනත නැති මුරන්ඩු හිතයි කටයි එක්ක තව දුරටත් රන්ඩු වෙන්න උවමනා උනේ නෑ...

ඒ වෙනුවට ජන්කුක් ගොඩාක් කලබල වෙලා ජන්කුක්ගේ පිලිවෙලට පොත් අහුරපු පොත් මේසේ ආයෙත් අස් කරන්න පටන් ගත්තා...

"ඔහ් දෙවියනේ..."

ජන්කුක්ගේ අතින් තින්ත පුරවපු වීදිරු බදුන පෙරලිලා ගියා.. ජන්කුක්ගේ වාසනාවට ඒ වෙලාව වෙනකොට තීන්ත ඉතුරු වෙලා තිබුනේ අඩියට ලන් වෙන්න නිසා ජන්කුක්ට එයාගේ පොත් මේසය විනාශ වෙන්න නොදී බේරගන්න පුලුවන් උනා.... තද කලු පාට තීන්ත වලින් සැලකිය යුතු ප්‍රමානයක් ජන්කුක්ගේ අල්ලේ ගෑවිලා තියනකොට ජන්කුක් තමන්ගේ සුදුම සුදු පාට ලේන්සුව සාක්කුවෙන් ඇදලා ගන්නකොට ජන්කුක්ගේ වටිනා මිල අධික ඇදුමේ කලු පාට තීන්ත පැල්ල්මක් තැවරුනේ ජන්කුක්ගේ ඇස් දෙක ලොකු වෙනකොට ..ඊට අමතරව ජන්කුක්ගේ ලේන්සුවේ තැනින් තැන කලු පාට තීන්ත විසිරිලා.. ජන්කුක් ඒ ලේන්සුවෙන්ම මේස්‍ය මත විසිරිලා තිබ්බ තින්ත බින්දු කිහිපයක් පිහලා දැම්මා....

අවසානයේ ජන්කුක්ගේ පිරිසිදු කිරීම අවසන් වෙනකොට ජන්කුක්ගේ මූන මතත් කලු පාට තීන්ත පැල්ලමක් හිටලා තිබුනා.... ඒත් එක්කම භාගෙට වැහිලා තිබුනු දොර ආයෙත් විවෘත වෙනකොට ජන්කුක් සුදු ලේන්සුව අතේ ගුලු කරගන්න ගමන් දොර පැත්තට හැරුනා...

හොදයි ජන්කුක් බලාපොරොත්තු උනා ඇත්තෙන්ම ටේහ්‍යොන්ග් නැවතත් ඒවි කියලා... හරියටම... ඇත්තටම ටේහ්‍යොන්ග් ආයෙත් ඇවිත් හිටියා... මේ වෙනකොට පොඩි දුඹුරු පැහැති ප්‍රමානයෙන් කුඩා සූට්කේස් එකක් ටේහ්‍යොන්ගේ අතේ රැදිලා තිබුනා..

• 𝐅𝐨𝐫 𝐘𝐨𝐮 𝐀𝐧𝐝 𝐌𝐞...•| 𝐓𝐚𝐞𝐊𝐨𝐨𝐤 |ᵒⁿᵍᵒⁱⁿᵍWhere stories live. Discover now