|12|

407 110 26
                                    

අන්‍තිමට ජන්කුක්ට නින්ද ගියා... ටේහ්‍යොන්ග් ආවා කියලා කියලා හීනේන් වගේ දැනෙනකොට ජන්කුක්ට නින්ද ගියා... ටේහ්‍යොන්ග් දුන්න බෙහෙත් වලට ජන්කුක්ට හොද නින්දක් ගිහින් තියනකොට ටේහ්‍යොන්ග් ජන්කුක්ගේ ඔලුව අතගාලා ජෝන් මන්දිරෙන් එලියට ආවා...

ටේහ්‍යොන්ග් ජෝන් මන්දිරෙන් එලියට ඇවිත් එයාගේ වාහනේට නැගලා ගේට්ටුවෙන් එලියට දැම්මා... ඊලගට එයාගේ මන්දිරේට වාහනේ දාලා වාහනේ නවත්තන තැනින් නවත්තපු ටේහ්‍යොන්ග් එලියට ඇවිත් වට පිටාවට ඇස් යවලා හොදට හුස්මක් ගත්තා..

ඔව් ටේහ්‍යොන්ග් ආව ගමන්මයි මගදි මිස්ටර් ජෝන්ව හම්බුනේ.. ඒකෙන් ජන්කුක්ට අසනීපයි කියලා දැන ගත්තම තමයි එහෙමම ටේහ්‍යොන්ග් මිස්ටර් ජෝන් එක්ක මන්දිරේට ආවේ...

ටේහ්‍යොන්ගේ ඇස් රතු වෙලා පුන්චි නහර පවා පේන විදියට රතු වෙලා, ඇස් යට ලාවට දුරු වෙලා තිබ්බා වගේම හරි තෙහෙට්ටු පාට කෙස් ගහේ ඉදන් පේන්න තිබුනා..

මොකද ටේහ්‍යොන්ග් ඕනවට වඩා තෙහෙට්ටු වෙලා තිබ්බා.. ටේහ්‍යොන්ග්ට ලොකු මහන්සියක් දැනුනා..

ඒ ඔක්කොම ලොකු හුස්මකින් විතරක් ටේහ්‍යොන්ග් ගාවින් පිට වෙනකොට ටේහ්‍යොන්ග් කබා සාක්කුවේ තිබ්බ යතුර අතට අරන් දොර ඇරියා.. ඒත් ආයෙත් දෙයක් මතක් වෙලා වගේ පොඩි ගේට්ටුව ගාව තිබ්බ දුබුරු පාට ලියුම් පෙට්ටිය ගාවට ඇවිදන් ගිහින් ඒකේ පියන ඇරියේ එයා බලපොරොත්තු උන දේ තියනවද බලන්න වගේ...

බලාපොරොත්තු උන විදියටම ලා දුඹුරු පාට ලියුම් කවරයකුත් තිබ්බ ලියුම් ගොඩේ දකිනකොට ටේහ්‍යොන්ගේ කට කොනට මහ අමුතු අපහාසාත්මක හිනාවක් ආවා.. ඒක කොහොමටත් අපහාසය විතරක්ම තිබ්බ හිනාවක් නෙවෙයි.. ඒ මූනේ අමුතු දුකකුත් තිබ්බා...

ටේහ්‍යොන්ග් ඒ ලියුම් ටිකත් අතට ගුලි කරන් ඇතුලට ඇවිත් දොර වහලා දැම්මා.. හවස් වෙලා රෑ වෙන්නත් කිට්ටු වෙනකොට ශල්‍යාගාරේ විවෘත කරන්න වෙලාවක් නැති තැන ටේහ්‍යොන්ග් නාන කාමරේට වැදිලා අයිස් වගේ සීතල වතුරෙන්ම නා ගත්තා...

නාලා ඉවර වෙනකොට ටේහ්‍යොන්ග්ට වෙව්ලන තරම් සීතලෙන් වෙව්ලුවත් ටේහ්‍යොන්ග් එහෙමම සැහැල්ලු ලොකු කලිසමක් ඇදගෙන පයිප් එක පත්තු කරගත්තේ පහල ගිනි උදුන ඉස්සරහා තියන හාන්සි පුටුවේ දිගා වෙන ගමනුයි....

• 𝐅𝐨𝐫 𝐘𝐨𝐮 𝐀𝐧𝐝 𝐌𝐞...•| 𝐓𝐚𝐞𝐊𝐨𝐨𝐤 |ᵒⁿᵍᵒⁱⁿᵍWhere stories live. Discover now