|17|

327 85 57
                                    

ජන්කුක් හිටියේ කහ පාට ලාම්පු එලියෙන් දිලිසෙන මල් පොකුර දිහා බලන් ගමන් ඉස්සර්හට ඇවිදින ගමන් , ඊට ඉස්සරහින් බර අඩි තියලා ටේහ්‍යොන්ග් ඉස්සරහට ඇවිදගෙන ගියා...

වෙනද දකින ටේහ්‍යොන්ග්ම උනත් ජන්කුක්ට ටේහ්‍යොන්ග් ගාවින් ලොකු බර ගතියක් දැනුනා.. අඩුම ටේහ්‍යොන්ග් ජන්කුක්ගේ අතට පොඩි මල් පොකුර මිටි මොලවලා ජන්කුක් දිහා බලපු බැල්ම පවා සීතල බර එකක්... ජන්කුක්ට තේරුනේ නෑ ටේහ්‍යොන්ග් පත් වෙලා ඉන්නේ මොන තත්වයකටද කියලා නමුත් ජන්කුක් සතුටු උනා මොකද ජන්කුක් ප්‍රසංගය අවසන් උනාම නම්ජූන් බලාපොරොත්තුවෙන් පසුපස පිටවීමෙන් එලියට ආවත් නම්ජූන් නැතුව ටේහ්‍යොන්ග්ව හම්බුනා උනත් ඒක ජන්කුක්ව සතුටු කරා...

"ඔයාට විශ්වාසයි නේද ජන්කුක් රාත්‍රියේ එලියට යන එක ගැටලුවක් නෙවෙයි කියලා..."

ටේහ්‍යොන්ග් ටිකකට පිටිපස්සෙන් උඩ පැන පැන එන ජන්කුක්ගෙන් වේගේ බාල කරන ගමන් ඇහුවේ ජන්කුක් ඒ සැනින් ටේහ්‍යොන්ග් ගාවටම දුවන් එනකොට...

"මිස්ටර් කිම් දන්නවද හෙට දවසම අපිට නිවාඩු , මේ ප්‍රසංගයට අපි කොච්චර මහන්සි උනාද කියලා අපිටවත් තැකීමක් නැහැ.. ඒ උනාට හැමෝම සතුටින් වගේ අපි බලාපොරොත්තු උනාටත් වැඩිය ප්‍රවේශපත්‍ර ප්‍රමානයක් අලෙවි උනා... "

ටේහ්‍යොන්ග් වචන දෙක තුනක ප්‍රශ්නෙට ජන්කුක්ගෙන් සුපුරුදු විදියට විස්තරාත්මක උත්තරයක් හම්බෙනකොට ටේහ්‍යොන්ග්ට දැනුනා සැහැල්ලු බවක්... ටේහ්‍යොන්ග් දුන්නු මල් පොකුර හරිම පරිස්සමට තමයි ජන්කුක් තියන් හිටියේ.. ජන්කුක් කියන්නේ මල් වලට උමතු උන කෙනෙක්, හැබැයි කඩලා බලන්න නෙවෙයි ඒවා ගස් වල පිපිලා තියනකොටම ඒවාගේ සුවද බලන්න, ඒවගේ ලස්සන විදින්න.. එක අතකින් ජන්කුක්ට තියෙන්නේ අහිංසක ආසාවක්, අහිංසක උමතුවක්...

"මිස්ටර් කිම් අද නගරයට ඒවි කියලා මම දන්නේ නැහැ, අද හ්‍යුන්ග් ඒවි කියලා මම බලාපොරොත්තු උනා.."

"හ්‍යුන්ග් වෙනුවට තමයි මම ආවේ පුන්චි ජෝන්... මට නම්ජූන්ට උදේ මුනගැහුනා, එයාට කල යුතුම වැඩ කොටසක් නොතිබුනා නම් නෑවිත් ඉන්නේ නැහැ...."

• 𝐅𝐨𝐫 𝐘𝐨𝐮 𝐀𝐧𝐝 𝐌𝐞...•| 𝐓𝐚𝐞𝐊𝐨𝐨𝐤 |ᵒⁿᵍᵒⁱⁿᵍWhere stories live. Discover now