|11|

386 108 54
                                    

"මේ වගේ සීතල වෙලාවකත් උදේ නැගිටලා හිනා වෙවී ඉන්නවානම් එයා මනුස්සයෙක් වෙන්න බෑ...."

ජිමින් කට කට ග ගා මේ කියවන්නේ උදේ පාන්දරම පාර දිගේ ඇවිදින ගමන්..

"ඔයා මොනවද මිනී මේ කුටු කුටු ගාලා මුමුනනන්නේ...ඔයාට හිතෙන් නැද්ද අද හරිම ලස්සන දවසක් කියලා..."

"මේක පුදුම ලස්සනක්නේ.. මට ඇත්ත කියන්න කුක් ඔයාට මොකද වෙලා තියෙන්නේ..."

ජිමින් ජන්කුක් දිහා බැලුවේ උමතු වෙච්ච මනුස්සයෙක් ගානට...

"හොදයි..ඔයා හිතන්නෙ මම කොහෙද මේ යන්නේ..."

"ඒක මම දන්නවා නම් මෙච්චර වෙලා කියවන් නෑනේ..."

"මන් යන්නෙ මිස්ටර් කිම්ගේ මන්දිරේට, අනිත් එක ඒ එයාට උදේ කෑම හදලා දෙන්න..."

ජිමින්ගේ කට ආයෙත් ඇරුනේ දෙන්නම මිස්ටර් කිම්ගේ මන්දිරේ ගාව නතර වෙද්දි...

"මෙහෙම යන එක හරිද කුක්.. ම..මම කියන්නේ මෙහෙම දැනුම් නොදී...."

"මම මෙහෙට නිතරම එනවා මිනී ඔයා බයවෙන්න එපා.. අනික මට මෙහෙට එන්න හේතුවක් තියනවා මේ..."

අතේ තිබ්බ කූඩෙ පෙන්නන ගමන් ජන්කුක් එහෙම කියලා කෙලිලොල් විදියට හිනා උනා... අන්තිමට ජන්කුක් ඉස්සරහා දොරේ බෙල් එක ගහනකොට ජිමින් පුලුවන් තරම් තමන්ගේ කබාය අස්සට ගුලි උනා.. දැන් දැන් ඇත්තටම සීතල වැඩියි මොකද මේ සීත සෘතුව තමයි පටන් ගන්නේ... ඉතින් මෙහෙම සීතල වෙන එක පුදුමයක් නෙවෙයි...

"ඔතනින් තියන්....ඔහ්... ජන්කුක් ඔයා මෙහේ..."

කලබලෙන් දොර ඇරලා වෙනදට කිරි එක ගේන කෙනාට කියලා හිතන් ඔතනින් තියන්න කිව්වත් අද ජන්කුක් ඉන්නවා දැක්කම ටේහ්‍යොන්ග් නතර උනා.. ටේහ්‍යොන්ග් තාමත් සූදානම් වෙනවා...

"ම්..මන් මිස්ටර් කිම්ගේ කිරි එක ගෙනාවා.. මොකද මම උදේම ගොවිපලට ගියා .. නේද මිනී..."

"ඇහ්..අහ්..ඔව් ඔව්.."

ජිමින්ටත් තට්ටුවක් දාල ජන්කුක් එහෙම අහනකොට ජිමින් කොහෙන්ද පාත් උනා වගේ ඔව් කියලා ඔලුව වැනුවේ ටේහ්‍යොන්ග් ඇහි බැමක් උස්සලා බලනකොට...

• 𝐅𝐨𝐫 𝐘𝐨𝐮 𝐀𝐧𝐝 𝐌𝐞...•| 𝐓𝐚𝐞𝐊𝐨𝐨𝐤 |ᵒⁿᵍᵒⁱⁿᵍWhere stories live. Discover now