|05|

370 117 19
                                    

ජන්කුක් පන එපා කියලා දුවන ගමන් හිටියා.. මීට ටික්කට කලින් පැද්දි පැද්දි අතේ කෝපි එක්කුත් එක්ක කුකීස් ටිකක් අරන් ගිය ජන්කුක් අතේ අනිත් පැත්තට දුවනකොට ඒ අතේ කිසි දෙයක් තිබ්බේ නෑ...

ජන්කුක් දුවන් ආපු වේගෙට කොරිඩෝවෙනුත් එලියට පැනලා බිත්තියට හේත්තු වෙලා පපුවට අත තියාගත්තා... ජන්කුක්ගේ කන් දෙකේ දෝංකාර දුන්න ටේහ්‍යොන්ග් ගිගිරුව විදිය....

ජන්කුක් හරි පරිස්සමට ටේහ්‍යොන්ගේ කාමරේ ඉස්සරහා නැවතිලා දොරට තට්ටු කරන්න කකුල දික් කරේ අත් දෙකම නිදහස් නැති හින්දා... ඒ උනාට ඇසුරු සැනින් දොර ඇරලා එලියට එන්න ආපු ටේහ්‍යොන්ගේ පපුවේ ඉදන්ම පහලට උනු කෝපි එක හැලිලා ගියා වගේම කුකීස් තිබ්බ පීරිසියත් උඩින් ගිහින් බිම වැටිලා බිදිලා ගියා...

ටේහ්‍යොන්ග් ඇස් දෙකත් රතු කරන් කන්ඩ වගේ ජන්කුක් දිහා බලන් හිටියේ ජන්කුක්ට කර කියාගන්න දෙයක් නැති වෙනකොට...

"තමුන් මේ දැන් මගේ ඇස් වලට නොපෙනි යන්න ඕන... මගේ ඇස් වලට පේන්න ඉදලා අහු වෙන්න එපා හරී..."

එහෙම කියලා කෑ ගහලා ටේහ්‍යොන්ග් ජන්කුක්ගේ මූනටම වේගෙන් දොර වහලා දැම්මම ඒ සද්දේ කොරිඩෝව පුරාම දෝංකාර දුන්නා...

ජන්කුක් මොහොතක්වත් පරක්කු නොවී දුවන් ආවේ හිතට දැනුනු දුක හින්දාමයි.. ටේහ්‍යොන්ග් හරිම නිවිච්ච විදියට හිටියාට එක පාරටම හෙන ගහන්නා වගේ කෑ ගහනකොට ජන්කුක්ට හරියට බය හිතුනා... ජන්කුක්ගේ පුන්චි ඇස් වල කදුලු පිරිලා තියනකොට ජන්කුක්ට එයා එක්කම තරහා ගියා..උනු කෝපි කෝප්පේ බිදුනු පාරට අතට විසි උනු කෝපි බින්දු කීපයක් හින්දා ජන්කුක්ගේ අතේ රතු පැල්ලම් කිපයක් ඇවිත් තිබ්බා.. ඒත් ඊටත් වඩා ජන්කුක්ට හිත රිදුනා... ඔම්මා අප්පා හරි ටේහ්‍යොන්ග් කොහොමත් සෙල්ල කරන්න හොද කෙනෙක් නෙවෙයි.. ඒත් ජන්කුක් සෙල්ලම් කරන්න උත්සාහ කරේ නෑ, ජන්කුක්ට ඕන උනේ අද ගෙදර ඇවිත් කාටවත් මුකුත් නොකියපු එක ගැන ටේහ්‍යොන්ග්ට ස්තූති කරන්න වගේම ටේහ්‍යොන්ග් ඉස්සරහා පොඩි ලමයෙක් වෙන එක නතර කරන්න... ඒත් උන වැඩෙන් උනේ හිතුවේවත් නැති විදියට ටේහ්‍යොන්ග්ට කේන්ති ගිය එක වගේම තවත් වැඩේ අවුල් උන එකයි...

• 𝐅𝐨𝐫 𝐘𝐨𝐮 𝐀𝐧𝐝 𝐌𝐞...•| 𝐓𝐚𝐞𝐊𝐨𝐨𝐤 |ᵒⁿᵍᵒⁱⁿᵍWhere stories live. Discover now