_CHAPTER 04_

55 10 6
                                    

කවද්ද එයාට කියන්නෙ...?

ජන්කුක් තවත් ප්‍රශ්නයක් මතක් කරද්දි ටේහ්‍යුන්ග් අහපු දේටනම් ජන්කුක්ට කැස්සකුත් ආවෙ
ආදරයි, කැස්සයි, හංගන්න බෑ කියන්න වගේ....

මොක...


මොකක්ද කියල දැන් බොරුවට අහන්න එපා ජන්කුක්.  මන් අහපු එක තේරුණ බව මට පෙනුනා.

එක ඇහිබැමක් උස්සන් ටේහ්‍යුන්ග් කියද්දි ජන්කුක් බිම බලා ගත්තෙ  වැරැද්දක් කරපු පොඩි එකෙක්  තමන්ගෙ තාත්තට මුහුණ දෙනව වගේ.

පුළුවන් තරම් ඉක්මණට ඒක කියන්න. නැත්තන් සමහරවිට ඔයාට පසු තැවෙන්න වෙයි.
Areum ගැන දැන ගන්න, තේරුම් ගන්න ඔයා හිතනවටත් වඩා ගොඩාක් දේවල් තියෙනවා ජන්කුක්.

ටේහ්‍යුන්ග් කියවගෙන ගියවගෙන ගියේ වගකීම් සහගත සහෝදරයෙකුගෙ විලාසෙන්.

මන්.... මන් ඉක්මණටම කියන්න ටේහ්‍යුන්ග්

ජන්කුක් වචන ගැළපුවෙ තමන් ගැනව දැඩි විශ්වාසයකින්.

හ්ම්.... යමු එහෙනම්.

ටේහ්‍යුන්ග් නැගිටලා කෝට් එක දාගත්තෙ ජන්කුක්ට කියන ගමන්.

කො..කොහෙද...?

ජන්කුක් ඇහුවෙ පුදුමෙන්.

වෙනකොහෙද ඕෆ් වුණු ගමන් ඔයා යන්න හිටපු තැනට.

ටේහ්‍යුන්ග් හිනා වෙන ගමන් එතනින් ගියේ ජන්කුක්ගෙ රතු වුණු මූණ හිතින් මවාගන්න ගමන්.

ආයිෂ්.... ඔහොම් ඉන්න මන් එනකම්.

ජැකට් එකත් අතට ගත්තු ජන්කුක් කාර් කී එකත් අරන් ටේහ්‍යුන්ග්ව අල්ලන්න දිව්වෙ හිතේ හටගත් අමුතුම සතුටත් එක්ක.


Jungkook pov

මම කලින් දවස් දෙක ගෙවාගත්තෙ කොහොමද කියලා මටත් පුදුමයි. ඉඩක් ලැබුණු හැම මොහොතකම මගේ හිත ගියේ එයාව හොයාගෙන. සමහර වෙලාවට Areum හිටපු Hospital room එකට වෙලා පැය ගණන් මම මොනව කරනවද කියල මමවත් දන්නෙ නෑ.

දවස් ගාණකට පස්සෙ එයාව දකින නිසා මගේ හිතේ ඇති වුණේ නොසන්සුන් බවක්. ටේහ්‍යුන්ග් කිව්ව නිසාම කාර් එක මඟින් නවත්තලා මම එයාගෙ කාර් එකට නැග්ගෙ කෙල්ලව සප්‍රයිස් කරන්න. කවදාවත් නැතුව මම ගොඩාක් කළඹල වෙලා. අතේ ඇඟිලි එකට පටලවන් ටේහ්‍යුන්ග් පිටිපස්සෙන් අපාර්ට්මන්ට් එකට ගියපු මට මගේ හැසිරීමෙ පාලනයක් තිබුණෙ නැතිතරම්.

𝘽𝙡𝙖𝙘𝙠 𝙎𝙖𝙠𝙪𝙧𝙖🌸🖤  [𝙨𝙡𝙤𝙬𝙡𝙮 𝙪𝙥𝙙𝙖𝙩𝙚𝙨]Tahanan ng mga kuwento. Tumuklas ngayon