_CHAPTER 11_

43 8 12
                                    

ජිහ්‍යුක්!!!

මේ වෙලාවෙ ඇතුළෙ සිද්ද වෙන දේවල් වලට Areumගෙ ජැකට් එකට සවිවුණ පොඩි පොඩි මයික්, කැමරා, ආදාරයෙන් උපරිම අවදානය යොමු කරන් හිටපු හ්‍යොන්ග් ලයින් එක තමන් ස්ථානගත වුණු තැන් වල ඉඳන්ම මුහුණට මුහුණ බලන්න ගත්තෙ මීළඟට ඇතුලෙ මොනවගේ තත්ත්වයක් ඇති වෙයිද කියන බයත් එක්ක.

__________________________________________________


කල්පනාකාරී වුණ Areum තමන්ගෙ හැඟීම් පාලනය කරගෙන ප්ලෑන් එකට අනුව වැඩ කරන්න හිත හදා ගත්තත් ටේහ්‍යුන්ග්ට නම් ඒක අමාරු වෙන්න ඇත්තෙ කාලෙකට කලින්  තමන්ටම පාලනයෙන් ගිලුහුණු තමන්ගෙ තරහව නිසා.


ටේහ්‍යුන්ග්ගෙ ඇස් වලට කඳුළු පිරිලා රතු වෙද්දි  අත් වල නහර ඉලිප්පෙන්න පටන් අරන් තිබුණා. Areumට ඊළඟට වෙන්න පුළුවන් දේ  තේරුන් ගිය නිසාම Areum තීරණය කලා මේ දෙන්නගෙ කතා බහට මැදිහත් වෙන්න.


ජි-හ්‍යුක් ....
තමුසෙද එහෙනම් ඒ. Areum බිම බලාගෙන වුණත් කතා කලේ ප්‍රබල කටහඬකින්. මන් තමුන්ව හම්බවෙනකම් අවුරුදු දෙකක් තිස්සෙ බලන් හිටියා.





කෙල්ලෙක් වුණ Areumගෙ ප්‍රබල කටහඬ හමුවේ ජිහ්‍යුක් පුදුම වුණා කිව්වොත් වැරදි නෑ. ඒ නිසාමයි ජිහ්‍යුක්ට ආසාවක් ඇති වුණේ මේ කෙල්ලගෙ මූණ බලාගන්න. ටේහ්‍යුන්ග්ගෙ ගාවින් අනිත් පැත්ත හැරුණු ජිහ්‍යුක් Areum ගාවට ගිහින් දණගහගෙන හිටපු Areum ගාව බිමට නැවුණෙ ඒ ආසාව නිසා.




අපි බලමු මේ කොටි කටක් තියෙන පූස් පැටියා කවුද කියලා.



Areumගෙ මූණට අත යන්න කලින් යමක් මතක් වුණු ජිහ්‍යුක් ගෙ අත ගියෙ Areumගෙ ලෙදර් ජැකට් එකට.






ඒ වෙද්දි නම් ටේහ්‍යුන්ග් තමන්ගෙ හිත සන්සුන් කර ගන්න උත්සහා ගත්තෙ Areum තවමත් ප්ලෑන් එක කන්ටිනිව් කරන් යන්න දරණ උත්සාහය තේරුම් ගෙන.



ජිහ්‍යුක් තමන්ගෙ දකුණු අතින් Areumගෙ වම් කොලර් එක අල්ලන් එක පාරටම ජැකට් එකේ වම් පැත්තෙ අත උරහිසට වෙනක්ම් නිරාවරණය කළේ බිම බලන් ඉඳපු Areumගෙ කට කොණේ හිනාව අලුත් වෙද්දි.


𝘽𝙡𝙖𝙘𝙠 𝙎𝙖𝙠𝙪𝙧𝙖🌸🖤  [𝙨𝙡𝙤𝙬𝙡𝙮 𝙪𝙥𝙙𝙖𝙩𝙚𝙨]Where stories live. Discover now