_CHAPTER 06_

45 9 14
                                    

ආදරේ කරන දෙන්නා එකට එකතු වෙලා ප්‍රශ්න වලට මුහුණ දෙන්න ඕනෙ.

තේරුණාද... ම්ම්ම්ම්....?






ඔප්පා හරි,
මම කරන්නෙ එයාට අසාදාරණයක්.
එයා මේ ආදරේ ලබන්න ඕනෙ
ඒත්.......

මොකද වෙන්නෙ...,
එයා ඇත්ත දැනගත්තුදාට.?

ජන්කුක් ඔයාව තේරුම් ගනියි Areum. එයාට ටිකක් කල් දෙන්න. එයාට ඒක අමාරු වේවි.

කල් ගියත් මොකද එයා තේරුම් ගන්නව නම් මාව.

හ්ම්ම්ම්. බය වෙන්න එපා.
එහෙනම් හෙට උදේම ගිහින් එයාට කියන්න.

ආ...නි ඔප්පා හෙට බෑ.

Areum..! කල් දාන එක හොඳ දෙයක් නෙවෙයි.

අයිගෝ ඔප්පා....,
මට දැන් යන්න ඕනෙ.

දැන්...? මේ මහ රෑ...?

ඔව්ව්.....
අනේ දැනටමත් ඒ මෝඩයා මොනව කරගෙනද දන්නෙ නෑ.

ඒත් Areum, මේ මහ රෑ ඔයා එහෙම යන එක අනතුරුදායකයි.

ඕඕඕ......හ් ඔප්පා......?
ඔයාමනෙ කිව්වෙ ආදරේදි එන ප්‍රශ්නවලට එකතු වෙලා මුහුණ දෙන්න ඕනෙ කියලා.

ප්ලී......ස්.....
ප්‍රොමිස් මම පරිස්සම් වෙනවා.
අනේ......?
අනික මම සෝල් වල නෑ කියලනෙ කට්ටිය හිතන් ඉන්නෙ.

Areumගෙ මූණ දිහා බලන් ටේහ්‍යුන්ග් කොහොමද එපා කියන්නෙ. Areumගෙ ඒ මූණ ටේහ්‍යුන්ග් මේ විදියට දැක්කෙත් ගොඩාක් කාලෙකින්.

ම්ම්ම්. හරි එහෙනම් යන්න., ජන්කුක්ගෙ වාහනේ සුපර් මාකට් එකේ කා‍ර් පාර්ක් එකේ තිබුණෙ.
ඉස්සෙල්ලම එතන බලන්න.
හැබැයි....
එයා එතන නැත්තන් වහාම ආයෙ එන්න ඕනෙ. තේරුණාද.?

ටේහ්‍යුන්ග්ට අන්තිම ටික කියන්න වුණේ කෑ ගහල මොකද ටේහ්‍යුන්ග් කියන පරක්කුවට Areum දුවලත් ඉවරයි.

ඉස්සර හිටපු Areum ආයෙ ඇවිත් ජිමිනා.

Areum ගේට්ටුවත් ඇරන් එලියට දුවන හැටි හඳ එළියෙන් බැල්කනියෙ ඉදන් බලන් හිටපු ටේහ්‍යුන්ග් මිමිණුවේ සැනසුම් සුසුමක් රෑ අහසට මුදාහරින ගමන්.

𝘽𝙡𝙖𝙘𝙠 𝙎𝙖𝙠𝙪𝙧𝙖🌸🖤  [𝙨𝙡𝙤𝙬𝙡𝙮 𝙪𝙥𝙙𝙖𝙩𝙚𝙨]Where stories live. Discover now