_CHAPTER 05_

52 10 8
                                    

මන් වෙනද වගේම දැනුන් දීමකින් තොරව රූම් එකට කඩාපාත් වුණේ ඒක සාමාන්‍ය නිසා.

ඒත්......

මන් දැකපු දෙයින් මගේ වචන පවා හිර වුණා.






මම දැක්කේ ගන්ස් ටිකක් ඇඳ උඩ විසිරුවන්  මගේ පැත්තට ස්නයිපර් එකක් ඒම් කරන්න් ඉන්න ටේ ඔප්පාව. රූම් එක ඇතුළට ගිහින් ඇරියට වඩා වේගෙන් දොර වහපු මම ටේ ඔප්පට  දැම්මේ මරලා හංගනවා වගේ බැල්මක් .

ටේ ඔප්පා මොකද මේ....? ජන්කුක් එහෙම දැක්කනම්...

මන් ඔප්පට කෑ ගැහුවෙ ඇත්තටම ජන්කුක් මේ දේ දැක්ක නම් කියන බය මට තිබුණ නිසා.

ඔයාට වගේ උඩින් කඩාපාත් වෙන පුරුදු එයාට නෑ.

ටේ ඔප්පා කිව්වෙ ගාණකට නොගෙන

අපොයි ඔව් ඇත්තේම නෑ. මම එයාව දැක්ක් පළවෙනි දවසෙම ඒක තේරුම් ගත්තා.

මන් ඔරවන් කියද්දි ටේ ඔප්පා බඩත් අල්ලන් හිනා වුණේ එදා වුණු සිද්දිය මතක් වෙලා වෙන්න ඇති. මමත් ඒ හිනාවටම ටිකක් එකතුවෙලා ආයෙමත් ගියේ ජන්කුක්ව හොයාගෙන බැල්කනියට. ඒ ජන්කුක් එතන කියලා ඔප්පා කිව්ව නිසා.















දොරත් ඇරන් එළියට ගියාම මම දැක්කෙ අත් දෙකත් වැටට හේත්තු කරන් ඔළුව බිමට නවාගෙන බර කල්පනාවක ඉන්න ජන්කුක්ව.

ජන්කුක්...., යමු කන්න. මෙතන සීතලයි.

හේතුවක් නාහම මම එහෙම කිව්වේ හිතේ උඩට එන්න දඟලන හැඟීම් වලට අගුළු දාන ගමන්.

ඔව්...........
මට ඒක නොතේරෙන තරම් මම පොඩි දරුවෙක් නෙවෙයි. මට අවුරුදු 20  ඉඳන් අවුරුදු දෙකක් පුරාවට හැඩි දැඩි පිරිමි එක්කම ඔට්ටු වෙන මට ඒ පිරිමි ගාවිනුත් ජන්කුක් ගාවිනුත් දැනෙන හැඟීම් වෙන්කර ගන්න අමාරු නෑ.

මම එයාට ආදරේ බව මට තව දුරටත් රහසක් නෙවෙයි.

ම්ම්ම්හ්.... Areum..., අපි ටිකක් කතා කරමුද.?

අත් දෙක වැටෙන් අරගත්තු එයා මගේ පැත්ත හැරුණෙ දිලිසෙන ඇස් දෙකත් නොයිවසිල්ලෙන් බෝල කරන්.

අයිගෝ... ජන්කුකා...., අපි කතා කරමුකො ඉතිම්.

මම එයාවත් ඇදගෙන බැල්කනි එක කොණේම තිබුණ කොෆි ටේබල් එකට ගියේ සෙල්ලක්කාර සිතිවිලිවලින් ආදරණීය සිතිවිලි වහල දාන ගමන්.

𝘽𝙡𝙖𝙘𝙠 𝙎𝙖𝙠𝙪𝙧𝙖🌸🖤  [𝙨𝙡𝙤𝙬𝙡𝙮 𝙪𝙥𝙙𝙖𝙩𝙚𝙨]Where stories live. Discover now