_CHAPTER 19_

48 8 2
                                    

ටේහ්‍යුන්ග්ගෙන් සමු ගන්නවත් ජන්කුක්ට කාළයක් වැය කරන්න ඇල්මක් තිබුණෙ නෑ.

ඒ නිසා ජන්කුක් සද්දයක් නැතුවම ආයෙමත් අහස දිහාවට ඇස් යොමු කලේ දහසක් දෑ තෙරුම් ගන්න වෙර දරමින්.

__________________________________________________

(කැමති නම් "ඍතුවක් වී නම් මන්...." සිංදුව අහල කියවන්න නැත්තන් අහන ගමන් කියවන්න.)


කාර් එකට නැගුණු ජන්කුක්ගෙ සිත සිතිවිලි සමුදායක් විසින් ගිලගත්තෙ Areumගෙ රූපයට ජන්කුක්ගෙ දෑස් යොමු වෙද්දි.....

Areum පළවෙනියටම ඇස ගැටුණ දවසෙ ඉදන් සේරම දේවල් ජන්කුක්ගෙ මනසට කඩාපාත් වුණේ ඉබේමයි. Areum එක්ක ගෙවපු හැම තත්පරයක්ම මතක් වෙද්දි ජන්කුක්ගෙ ඇස් කඳුලෙන් තෙත් වුණ එක පුදුමයක් නෙවෙයි. ඒ තරම් ලස්සන මතක ටිකක් මේ මාස ගාණට Areum ජන්කුක්ට ගෙනත් දීලා තිබුණ.

සුවසේ නිදන Areum දිහා ජන්කුක් බලාගෙන හිටියෙ ගොඩක් සැනසිල්ලෙ. ජන්කුක්ට තමන්ගේ ආරෝව කොයිතරම් නම් අතපසු වෙලාද කියන එක ජන්කුක්ට තේරුණෙත් ඒ වෙලාවෙ. Areum දිහා මෙහෙම නිවී සැනසිල්ලෙ ජන්කුක් බලගෙන ඉන්නෙ දෙවෙනි වතාවට. පළවෙනි වතාව වුණේ ජන්කුක්ගෙ හිත Areum එක්ක බැඳුණ පළවෙනිම දවස.

එදා සුදුමැලිව අමාරුවෙන් හිටපු Areum අද රෝස පාට වෙලා හිටියෙ ඇඟට වැදුනු මත් ගතිය නිසා වෙන්න ඇති.
එදා නොසොල්මනේ හිටපු Areum අද ඉන්නෙ සුවසේ නිදාගෙන.
ජන්කුක්ට එදා හිටපු Areumව දැන් මේ නිදාගෙන ඉන්න ආරෝ තුළින් පෙනුනා. ජන්කුක්ට ඒ එන්නගෙම වෙනසක් දැනුනෙ නැත්තෙ එදා හිටපු Areumම අදත් ඉන්න නිසා නෙවෙයිද. එදා ජන්කුක් දැකපු අහිංසක Areumව ජන්කුක්ට අදත් පේන්න ගනිද්දි පහුගිය දවස් හීනයක් වගේ ජන්කුක්ට දැනුනා.

ඒ දේවල් එක්ක ජන්කුක්ගෙ හිත ඇඳුනෙ Areum වගෙම ටේහ්‍යුන්ග් ගෙ වචන වලට.

Areum ගැන දැන ගන්න, තේරුම් ගන්න ඔයා හිතනවටත් වඩා දේවල් තියෙනවා ජන්කුක්..., (Chapter 04)

එදා ටේහ්‍යුන්ග් මට කියන්න උත්සහා  කලේ මේ දේවල්ද. ඒ මේ ගැනද.

ජන්කුක්ගෙ හිත මීට කලින් සිද්ද වුණ දේවල් එක්ක මේ දේවල් ගැන තියෙන සම්බන්දය තේරුන් ගන්න වෙර දරමින් හිටියා. ඒත් එක්ක ජන්කුක්ට මතක් වුණේ එදා තමන්වයි Areumවයි කවුදෝ මිනිස්සු ටිකක් ෆලොව් කරද්දි Areum දිගින් දිගටම තමන්ගෙන් එකම දේ ඉල්ලපු බව.

𝘽𝙡𝙖𝙘𝙠 𝙎𝙖𝙠𝙪𝙧𝙖🌸🖤  [𝙨𝙡𝙤𝙬𝙡𝙮 𝙪𝙥𝙙𝙖𝙩𝙚𝙨]Where stories live. Discover now