_Chapter 22_

75 6 1
                                    

ඒකයි මම ජිමින් දිහා වගේම කුණු තැවරුණත් බ්‍රෑන්ඩඩ් වුණු ගන් එක දිහා මාරුවෙන් මාරුවට බලාගෙන හිටියෙ.

________________________________________________

Flashback

මේක ගන්න

ජිමින් කිව්වෙ තමන්ගෙ ගන් එක Areumගෙ පැත්තට දෙන ගමන්.

පුදුම වුණු Areumගෙ හැසිරීම තේරුණ ජිමින්ම ආයෙමත් කතා කරන්න ගත්තෙ විරුද්ද පිළේ ඉතුරු වෙලා ඉන්න පිරිස දිහා බලාගෙන,

ආරෝ...., මේ තමයි ඔයා ගන් එකක් යූස් කරන පළවෙනි වතාව. ඒ ලෙසන් එක අපි ඔයාගෙ අම්මගෙයි තාත්තගෙයි මිණීමරුවගෙන් පටන් ගමු.

ජිමින්ගෙ ක්‍රෝධය පිරුණු දෑස් යොමු වෙලා තිබුණෙ ආරක්ෂකයන් තිදෙනෙක් මැදි කර ගත් විරුද්ද පිළේ නායක, ජිහ්‍යුක් දිහාවට.

________________________________________________

අම්මගෙයි, තාත්තගෙයි, මි..මිණීමරුව..?

Areum යම් තරමකට ගොත ගහන්න වුණේ සිද්ද වෙන දේවල් වල අගක් මුලක් තේරුම් ගන්න බැරුව.

ඔව්....
ඉන්නකො මන් ඔයාට මෙයාව අඳුන්වලා දෙන්නම්.
මේ ඉන්නෙ ජිහ්‍යුක්....
එදා ඔයාව පැහැරගෙන ගියේ මෙයා. එතකොට ඔයාගෙ අම්මවයි තාත්තවයි ඇක්සිඩන්ට් එකකින් නැති කරන ප්ලෑන් එක ගැහුවෙත් මෙන්න මූ. ඒ වගේමයි, ඔයා අවුරුදු ගාණක් දුක් විදිද්දි, ඔයාට අයිති දේවල් ඕන ඕන විදියට පාවිච්චි කරන මනුස්සයත් මූම තමයි.

ඉතින්..... අපි ලෙසන් එක මෙයාගෙන් පටන් ගමු.

Areumගෙ දිහාවට යොමු කරපු ගන් එක එහෙම්මම තියාගෙන ජිමින් කියෙව්වෙ ජිහ්‍යුක් කියන මනුස්සයා දිහා බලාගෙන කට කොනේ හිනාවක් රඳවගන්න ගමන්.

It's ok Aroo.., You didn't want to do this.
Ok...!
Well done girl.. you have a beautiful heart... I love it... perfect...

But..., I will do this for you.

ජිමින් දැනගෙන හිටියා Areumට ඒක කරන්න තරම් ශක්තියක් නැති බව. Areumට යම් කාලයක් දීපු ජිමින් ආයෙමත් Areumගෙ වෙවුලන අත් වලින් ගන් එක තමන්ගෙ අතට අරන්..., Areumව ටේහ්‍යුන්ග්ගෙ ඇඟට වාරු කලේ Areumගෙ නළලට පුංචි කිස් එකක් දීලා, වචන කිහිපයකින් කලබල වුණු Areumගෙ හිත සනසවන්න හදමින්.

𝘽𝙡𝙖𝙘𝙠 𝙎𝙖𝙠𝙪𝙧𝙖🌸🖤  [𝙨𝙡𝙤𝙬𝙡𝙮 𝙪𝙥𝙙𝙖𝙩𝙚𝙨]Where stories live. Discover now