_CHAPTER 08_

46 9 0
                                    


හ්ම්.. පරිස්සමින් ඉන්නව හරිද.. මට බෑ ඔයාව හොය හොය සෝල් පුරා ඇවිදින්න....

දැනුනු ආඩම්බරකාරී හැඟීම එක්ක ජන්කුක් කියද්දි Areum කෝල් එක කට් කලේ සිතට දැනුනු යම් නිදහස සිනහවක් විදියට ජන්කුක්ගෙ සවනෙ ගැටුණට පස්සෙ.





__________________________________________________






ටේ ඔප්පා මට විනාඩි පහළොවක් දෙන්න මම එන්නම්.

Areum ගං ඉවුරට ඇවිත් පැය එකහමාරක් වෙලා තවමත් ජන්කුක් ආවෙ නෑ. ඩීල් එක ගැන විස්තර සේරම හොයාගත්තු ටේ,  Areumට කතා කළේ ඒ බව දැනුම් දෙන්න.

ජන්කුක්ගෙ මේ හැසිරීම Areumට හුරුයි. ජන්කුක් ඩොක්ටර් කෙනෙක් නිසා හදිසි අවස්ථා එන බව Areum දන්නවා.

පැයකට විතර කලින් ජන්කුක්ගෙන් ආව පුංචි msg එක තවමත් Screen එකේ දර්ශනය වෙද්දි Areum ඒ පණිවිඩය නිසා ජන්කුක් එනකම් බලාගෙන ඉන්නවා.


Kook<3
ආරෝ..... හදිස්සි වැඩක්. මන් පැය භාගෙන් එන්නම්.

පරිස්සමින් ඉන්න මැණික.


Msg එකට යටින් වෙලාව 6.32 ලෙස සටහන් වෙලා තියෙද්දි Areumගෙ Home screen එකේ ලොකුවට දැන් වෙලාව සටහන් වෙලා තිබ්බෙ 7;43 විදියට.

කාර් බොනට් එකට හේත්තු වෙලා හිටපු Areum, ටිකෙන් ටික ගඟ ළඟට ගියේ කල්පනා කරන ගමන්.










තමන් නිසා ජන්කුක්ට අනතුරක් වෙයි කියන භය Areumගෙ සිත නොසෑහෙන කළඹල කලා.






























තරු පිරුණු අහසෙ චායාව වැටුණු ගඟ දිහා බලාගෙන Areum හිටියෙ ලොකු කල්පනාවක.

Areumගෙ බඳ වටේ එතුණ අත් වල උණුසුම එයා හොඳින් හඳුණන නිසාම ඒ අත් උඩින් Areumගෙ අත් දෙකත් ඇදුනෙ ඒ උණුහුමට තවත් ළංවෙමින්.


දුක හිතුනද....? මම පරක්කු වුණාට..., ම්ම්ම්ම්?

ජන්කුක් සමාව ඉල්ලන ස්වරයෙන් අහද්දි Areumට ජන්කුක්ගෙ ආදරේට තව තවත් ලෝභ හිතුණා.


නෑ කූ.... මන් දන්නවනෙ ඔයාගෙ ජොබ් එක ගැන.

Areumගෙ කටහඬ නිවිලා. ඒකෙ තිබුණෙ ජන්කුක් හොයපු සැනසීමමයි. Areumගෙ වදන් ජන්කුක්ට සැනසීමක් වෙද්දි, ජන්කුක්ගෙ උණුහුම Areumටත් සැනසීමක්..

𝘽𝙡𝙖𝙘𝙠 𝙎𝙖𝙠𝙪𝙧𝙖🌸🖤  [𝙨𝙡𝙤𝙬𝙡𝙮 𝙪𝙥𝙙𝙖𝙩𝙚𝙨]Where stories live. Discover now