_CHAPTER 18_

42 9 0
                                    

ජන්කුක් වචන දෙපාරක් නොහිතා පිට කරද්දි ජන්කුක්ට දැනුනෙ නෑ ඒ වචන Areumව කොච්චර රිද්දනවද කියන දේ ගැන.

__________________________________________________

ඔව් ඔව් ජන්කුක් ඔව්
මම පවු කාරියක්...

යන්න හැරුණ ජන්කුක් ටිකකට නවතුනේ Areumගෙ පැහැදිලි කටහඬට.



මන් ආදරේ කරන අය හැමෝම මාව දාලා ගියා.
මුලින්ම මගේ අම්මයි තාත්තයි.
ඊට පස්සෙ මගෙ සහෝදරය වගේ වුණ යාළුවා.
ඊටත් පස්සෙ ගොඩක් කාලෙකින් මගේ මූණට හිනාවක් ගෙනාව ඔයා.




ඔයත් මාව දාලා යන්නද හදන්නෙ කුක්.

ඔයාට මාව ඒ තරමටම අප්පිරියයිද.
අපි දෙන්නා අහසයි පොළොවයි වගේද.
ඔයා මිනිස්සු බේරද්දි මම මිනිස්සු මැරුවා ජන්කුක් ...

එක ඇත්ත.
ඒත් ඔයා මිනිස්සුන්ව බේරුවෙ භේදයක් නැතුව. මම එහෙම නෑ කුක් මම මිනිස්සු මැරුවෙ භේදයක් එක්ක.
මම දකින දකින මනුස්සයො මරන පිස්සු බල්ලෙක් නෙවෙයි ජන්කුක්....,
මම අහිංසක මිනිස්සු හිතක් පපුවක් නැතුව මරණ නරුමයෙකුත් නෙවෙයි...,

මන් හිතුවා ඔයා මගෙන් එක පාරක් හරි අහයි කියලා හේතුව...
ඔයා ඇහුවද කුක්...?
ඇහුවද ඔයා...?

ඔයා කිව්වනෙ මාව විශ්වාසයි කියලා.
ඔයා කිව්වා මාව විශ්වාස කරනවා කියලා.

ඒවා නිකන්ම නිකන් වචනද කුක්...?
වචන විතරද එ ....

ඔයාට මාව විශ්වාස කරන බැරි නම් ඇයි මට ආදරෙයි කිව්වෙ.
ඇයි මට මෙච්චර ළං වුණේ.

ඇයි ඇයි ඇයී... ඔයාව මට නැතුවම බැරි කලේ.


ඔයා නපුරුයි කූ....
ඔයා දුෂ්ඨයි....


එකපාරටම Areum ඇවිත් ජන්කුක්ව බදා ගත්තා.

ජන්කුක්ට Areumව ඈත් කරන්න ඕනෙ වුණත් Areumට නින්ද ගිහින් කියලා දැනුන නිසා ජන්කුක් ඒ උත්සහය අතඇරලා Areumව උස්සගෙන ගිහින් කාර් එක ඇතුළෙන් තිව්වා.

මොකක්ද Areum මම කරන්නෙ. මට ඔයාව ඕනෙ. ඒත් මට ඕනනෑ මාෆියා ක්වීන් කෙනෙක්ව.

𝘽𝙡𝙖𝙘𝙠 𝙎𝙖𝙠𝙪𝙧𝙖🌸🖤  [𝙨𝙡𝙤𝙬𝙡𝙮 𝙪𝙥𝙙𝙖𝙩𝙚𝙨]Where stories live. Discover now