_CHAPTER 07_

46 11 21
                                    

ජන්කුක් එකින් එක කරුණු කියන ගමන් Areum ළඟට ළංවුණා.දැන් එයාලා ඉන්නෙ හුස්මට හුස්ම වැදෙන තරම් ළඟින්





අංක හතර, ඔයාගෙ කට නොකිව්වට ඔයාගෙ ඔය ඇස් මට ඒ දේ කිව්වා Areum,

Areumගෙ ඇස් දිහා කෙලින් බලන් ජන්කුක් කියද්දි Areumට දැනුණෙ තමන්ගෙ ඇඟ දිගේ හිරියක් යනව වගේ.

ජන්කුක් දිහා කෙලින් බලන් ඉඳපු Areumගෙ ඇස් පියවුණේ, අවසරයකින් තොරවම ජන්කුක්ගෙ තොල් Areumගෙ තොල් එක්ක එකට පැටලෙද්දි. Areumගෙ අත් ජන්කුක්ගෙ බෙල්ලවටේ ගියේ ජන්කුක්ගෙ අත් Areumගෙ  කම්මුලකත් ඉණ වටාත් එතෙද්දි.







සරන්හේ ආරෝ....

තත්පර කිහිපයක සියුම් සිපගැනීමෙන් පසු ජන්කුක් හදවතින්ම කතා කළා.


Areum pov


ආරෝ....!!! මන් අහන්න ආසම වචනෙ. මෙච්චර කාළයක් ජිමින්ගෙ කටහඬින්ම විතරක් ඇහුණු ඒ වචනෙ අද ජන්කුක්ගෙ කටහඬින් ඇහෙද්දි මට දැනුනෙ මන් ආයෙමත් ජීවත් වෙන්න පටන් අරන් කියලායි.




නාදු සරන්හේ කූ.....

මෙච්චර වෙලා මගේ ඇස් වලින් එයා කියවගත්තු දේ මම එයාට මගේ කටහඬින් අහන්න දුන්නා. මට දැනුනෙ ඒක මගේ හදවතින් පිටවුණා වගේ. ඒක හංගන් ඉන්නකොට දැනුනු වේදානාවත් ඒ එක්කම පිටවෙලා ගියා.


__________________________________________________


එදායින් පටන් ගත්තු මගේ ජීවිතේ සුන්දරම දවස් ටික ගෙවුණේ ඒ හන් ගන් ඉවුරෙ ඒ නිල් අහස යටමයි. මමයි කුකියි හැම හවසකම එතනට එකතු වුණේ මම කූ ට බල කරල ඉල්ලපු නිසාමයි.

එයාට ඕනෙවුණේ ලෝකෙටම පේන්න මගේ අතින් අල්ලන් ඇවිදින්න වුණත් මට ඕනෙවුණෙ, ජන්කුක්ගෙ ආරක්ෂාව ගැන හිතලා කවුරුත් නොදන්න මේ නිස්කලංක ගං ඉවුරෙ ජන්කුක්ට තුරුළු වෙලා පැය ගණන් කාලෙ ගත කරන්න.

මම එළිට යන්න අකැමැති නිසාම ජන්කුක් කළේ එයාට කරන්න ඕනෙ හැමදේම එතැන ඉදන්ම කරපු එක.


දවසක් අයිස්ක්‍රීම් ටබ් දෙකක් අරන් එන ජන්කුක් ඊළඟ දවසෙ ගේන්නෙ ලොකු පොප්කෝන් මල්ලක්. ඒ විදියට දවසින් දවස මොහොතින් මොහොත කාලෙ ගෙවෙද්දි  අපි  එතන නොකරපු දෙයක් නෑ.

𝘽𝙡𝙖𝙘𝙠 𝙎𝙖𝙠𝙪𝙧𝙖🌸🖤  [𝙨𝙡𝙤𝙬𝙡𝙮 𝙪𝙥𝙙𝙖𝙩𝙚𝙨]Where stories live. Discover now