_CHAPTER 13_

44 9 14
                                    

තමන්ගෙ ආදරය උදුරන්න ලෑස්ති වුණ රාක්ෂයෙක් වගේ පරිසරයම පෙනෙද්දි ඒ දර්ශනයට බය වුණු කුළුඳුල් ආදරවන්තයො දෙදෙනාම තව තවත් එකට ළං වුණේ ඉදිරියෙට සිද්ද වෙන්න තියෙන දේවල් ගැන උඩ මතුවෙන බය නැති කරගන්න වෙර දැරීමේ ප්‍රතිඵලයක් විදියට........





_________________________________________________



Aroo wait a minute...

ජන්කුක්ට ආව කෝල් එක නිසා ජන්කුක් areum ගෙන් ඈත් වෙලා ඉදිරියට ගමන් කරද්දි Areum කළේ මෙච්චර වෙලා ජන්කුක්ටවත් නොදැනෙන්න රින්ස් යන තමන්ගෙ ෆෝන් එක හොරෙන්ම අරගත්තු එක.

ටේ ඔප්පා මොකක්ද මේ වෙන්නෙ.

ජන්කුක්ට නොඇසෙන්න තමන්ගෙ හිත තුළ පැය භාගෙක පමණ කාළයක් තුල පැන නැගුණු පැනය Areum ටේහ්‍යුන්ග්ගෙන් විමසුවේ වටිපිටාවට තමන්ගෙ තියුණු අවදානය රහසේම යොමු කරන ගමන්.

Areum... මන් ඔයාට ගන්න ට්‍රයි කලේ....,
මට හිතෙන්නෙ ඔයාව කවුරුහරි ෆලොව් කරනවා. හැබැයි එතන කීයක්ද...., ඒ කවුද කිය්න දේවල් මට තාම පැහැදිළි නෑ.

ඔයා පරිස්සම් වෙන්න ඕනෙ. ගන් එක රෙඩි එකේ තියා ගන්න. අපේ සෙට් එකක් අපි එවනකම් ඔයා ඔතන තියෙන situation එක හැන්ඩ්ල් කරගන්න.




ඔප්පා.. මන් දන්නව මේ වෙද්දිත් මගෙයි ජන්කුක්ගෙයි දිහාවට දහදෙනෙක්ට වඩා පිරිසකගෙ අවදානෙ ලැබිල තියෙන්නෙ කියල. මෙතන තියෙන ලොකුම ප්‍රශ්නෙ මම දැන් ඉන්නෙ ජන්කුක් එක්ක.

මන් කොහොමද මගේ ගන් එකවත් යූස් කරන්නෙ.

මන් මෙතනින් එළියට යන්න ට්‍රයි කරන්නම් පුලුවන් ඉක්මණට මට උදව්වට කට්ටිය ඕනෙ.




Areum ඇමතුම විසන්දි කරල වැඩි වෙලාවක් යන්න නොදීම ජන්කුක් ආයෙමත් Areumට එකතු වුණා.

ආරෝ.... මොකක් හරි ප්‍රශ්නයක්ද....

Areumගෙ පුංචි වෙනසක් පවා ජන්කුක්ට තේරෙන බව Areum හොඳින්ම දැනන් හිටියත් මේ වගේ වෙලාවක ජන්කුක්ට සේරම දේවල් පැහැදිලි කරල දෙන්න තරම් වෙලාවක් Areumට තිබුණෙ නෑ.

ජන්කුක් ඔයාගෙ ප්‍රශ්න වලට උත්තර මන් ඉක්මණටම දෙන්න පොරොන්දු වෙනවා.
ඒත් දැන් නෙවෙයි. ජන්කුක් ප්ලීස් කාර් කී එක මට දීලා කාර් එකට නගින්න. මේ ප්‍රශ්න අහ අහ ඉන්න වෙලාවක් නෙවෙයි.

𝘽𝙡𝙖𝙘𝙠 𝙎𝙖𝙠𝙪𝙧𝙖🌸🖤  [𝙨𝙡𝙤𝙬𝙡𝙮 𝙪𝙥𝙙𝙖𝙩𝙚𝙨]Where stories live. Discover now