_CHAPTER 20_

45 9 13
                                    

කොහෙද යන්න හදන්නෙ අපිට කතා කරන්න ගොඩක් දේවල් තියෙනෙවා.

I  really miss you Aro....

ජන්කුක්ගෙ වචන Areumට ලොකුම ලොකු සැනසීමක් වුණේ දවස් ගාණකින් කෑව වගේ හැඟීමක් හිතට දැනෙද්දි....

_______________________________________________


දැන් මට කියන්න මේ දේවල් පටන් ගත්තු තැන...
ම්ම්.....

විනාඩි දෙක තුනක වැළඳ ගැනීමකින් පස්සෙ ජන්කුක්ට ඕනෙ වුණේ මේ සේරම දේවල් ඉක්මණින් විසඳ ගන්න.

හ්ම්ම්... කුක්... ඔයා දැනටමත් මේ දේවල් වල සාරාංශයක් දන්නව වගේ...

Areum ඇහුවෙ ඊයෙ ජන්කුක් හැසිරුණ විදියත් අද මේ හැසිරෙන විදියත් එකිනෙකට සම්පූර්ණ වෙනස් නිසා.

හ්ම්ම්..
ඊයෙ මන් ටේහ්‍යුන්ග්ගෙන් ඒ ටික දැන ගත්තා.

ජන්කුක් කිව්වම Areum ජන්කුක්ගෙන් ඈත් වෙලා ඇඳ මත වාඩි වුණේ  කතාව පටන් ගන්න විදිය ගැන හිත හිතා

ජන්කුක්.... මට අවුරුදු දහයක් වගේ වෙද්දියි මගේ අම්මයි තාත්තයි නැති වුණේ...
ඒක ඇක්සිඩන්ට් එකක් කියල තමයි පොලිස්සියෙන් කිව්වෙ.

එදා ඉඳන් මන් හැදුනෙ වැඩුනෙ අනාත නිවාසෙක ළමයි එක්ක. පවුලෙ එකම ළමය වුනු මට ජන්කුක්,  තවත් ළමයි එක්ක ඉඳල පුරුද්දක් තිබ්බෙ නෑ. තවත් යාළුවෙක් හදා ගන්න මන් දැනන් හිටියෙ නෑ. මන් අනාත නිවාසෙ හිටපු ඉතිරි අවුරුදු වලින් භාගයක්ම මම ගෙව්වෙ තනියෙම. කිසිම යාළුවෙක් නැතුව. ඒත් ජන්කුක් මට අවුරුදු දාහඅටක් වගේ වෙද්දි මන්  මගේ ජීවිතේට හිනාවක් ගේන්න කෙනෙක්ට පුළුවන් උනා.

අම්මා තාත්තා නැතුව පාළුවෙලා තිබුණ මගේ ලෝකෙට එළියක් එයා ගෙනාවා.

ඒ තමයි ජිමින්.

ඒ මන් යුනිවසිටි ගිය පළවෙනි දවස මට ඕනෙම වෙලාවෙ,
කොහේදෝ ඉඳල ඇවිත් එයා මන් එක්ක කතා කළා...

_______________________________________________

Flash back

හේයී........., ඔයා.... අතරමන් වෙලාද.

යුනිවසිටි එක පීරමින් බයෙන් මෙන් වටපිට බලමින් හිටපු පුංචි ගෑණු ළමයෙක් හසු වුනේ කැම්පස් එකේ තර්ඩ් ඉයර් එකේ ටොප් ස්ටුඩන්ට් කෙනෙක්ගෙ ඇස් වලට.

𝘽𝙡𝙖𝙘𝙠 𝙎𝙖𝙠𝙪𝙧𝙖🌸🖤  [𝙨𝙡𝙤𝙬𝙡𝙮 𝙪𝙥𝙙𝙖𝙩𝙚𝙨]Where stories live. Discover now