chapter 22

73 11 4
                                    

එහෙම හිතපු හොබී යුන්ගිව ටිකක් ඈත් කරල එයාට ආදරෙන් කතා කලා.

Jh- යුන්ගියා මම ඔයාට දෙයක් කියන්නද.

Sg - හ්ම්.

Jh- යුන්ගියා අපිට ආදරේ කරන කවුරුත් කැමති නෑ ඒ ගොල්ලො නිසා අපි දුකින් ඉන්නවට.ඒගොල්ලො කැමති අපි හැමදාම සතුටින් ඉන්නවට.ඔයාගෙ ඔම්මයි අප්පයිත් එහෙමයි.ඒහින්දා දැන් අඩන එක නවත්තන්න හරිද.

සුගා හා කියන්න ඔලුවවැනුවා.

Jh- හිනා වෙන්නකො අප්පා.ඔයත් නිකන් පූසෙක් වගෙ.නපුරු පූශ්.

හොබී කිව්වම සුගා ලස්සනට හිනා උනා.හොබී පරිස්සමින් සුගාගෙ කදුලු පිහි දැම්ම.

Jh- යූන් .

Sg - යූන්?

Jh- ඇයි යූන් කියනවට ඔයා කැමති නැද්ද.එහෙනම් ඉතින් යුන්ගි කියන්නම්.

Sg - නෑ නෑ මට යූන් කියන්න මම ඒකට කැමති.ආ... හැබැයි පට පූස් කියන්න එපා.

Jh- පූසට පූසා කියන්නැතුව වෙන මොනා කියන්නද.

Sg - එහෙමද එතකොට අරයට කියන්නෙ මොකද්ද.

සුගා ඒදෙන්න ගාව හිටපු පූසෙක් පෙන්නල කිව්ව.

Jh- එයාටද. එයාට කියන්නෙ මින් යුන්ගි කියලා.

හොබීගෙ හුරත්ල් වැඩ වලට සුගා ගොඩක් කැමති උනා හොබී සුගාව කනත්තෙන් එලියට එක්කන් ගියා.

Jh- යූන් ඇවිදින ගමන් මොනා හරි කමු.

Sg - හා අපි ice cream කමු.

හොබී යුන්ගි දිහා රවල බැලුවා.

Jh- දැන් ටිකකට කලින් හොටු පෙරාගෙන අඩල තව දැන් ice cream නුත් කාල ඔයාට ලෙඩ හදාගන්නද ඔනේ යූන්.

සුගා දත් තිස්දෙකම දාල හිනා උනා.

Jh- අපි කමු හොට් ඩෝග් එකක්.

Sg - හා.

දෙන්නම පාරෙ තිබුනු වීදි කඩයකට ගියා.

මේ අතර සුගාගෙ ගෙදර හැමෝම අස්කරල ඉවර උනා. ඒගොල්ලොන්ට දැන් තියෙන්නෙ සරසන්න විතරයි.ඒ නිසා පස්දෙනාම පොඩි බ්‍රේක් එකක් ගත්තා. ඒත් එක්කම ජිමින් office එකේ වැඩක් නිසා ගෙදටරින් ගියා. කුකීත් එයාගෙ ඩක්ව බලන්න ගෙදරින් එලියට ගියා.

කුකිට මතක් උනා ඩක් පාටි එකට එන්න බෑ කිව්ව කියලා.ඒය තීරනය කලා ඩක්ගෙන් ආපහු සැරයක් ගිහින් අහන්න.ඩක් පාටියට එයි කියන බලාපොරොත්තුව ඇතුව කුකී මින් company එක ගාවට ගියා. එයා දැක්ක එයාගෙ ඩක් එතන ඉන්නව.එයා ඉක්මනින් එයාගෙ ඩක් ගාවට ගියා.
මොහොතකට එතන තිබ්බෙ දැඩි නිහඩතාවයක්.අන්තිමේදි කුකී නිහඩතාවය බිදල කතා කරන්න ගත්තා.

Jk- මේ අහන්නකෝ ඩක් අද මගේ හියුන්ගෙ බර්ත් ඩේ එක මම කැමතී ඔයා එනවනම්.

Duck - මේ අහන්න කුකී ඔයා ගැන මම හැමදෙයක්ම දන්නවා ඒත් ඔයා මගේ නමවත් දන්නෑ.ඇයි කුකී මාව මෙච්චර විස්වාස කරන්නෙ.

Jk- මොකද කිව්වොත් මට ඔයාව හුරුපුරුදු බවක් දැනෙනව ඩක්.

ඩක් දිග සුසුමක් හෙලා නැවත කුකීට කතා කලා.

Duck - කුකී මට ඔයාට දෙයක් කියන්න තියනවා.මම ඔයාට ආදරෙයි කුකී ගොඩක් ආදරෙයි .ඒක කොච්චරක්ද කියල මට කියන්න තේරෙන්නෑ කුකී.ඔයා මම ලග ඉන්න හැම වේලේම හදවත් වෙගෙන් ගැහෙනවා.ඔයා ඉන්නකොට මට ආරක්ශාවක් දැනෙනව.මම ඒ උනුහුමට කැමතී කුකී.මට තවත් මේක හන්ගන්න බෑ කුකී.

ඩක් එහෙම කියනකොට කුකීට ලෝකයක් හම්බුනා වගේ.මොකද කුකීත් ගොඩක් ආදරේ කරා ඩක්ට.ඒත් එයාට ජිමින් ගැන දුකකුත් තිබුනා.ඒත් ඊටවඩා ඩක් එයාට කැමති වෙච්ච එකට කැමති උනා.

Jk- මාත් ඔයාට ආදරෙයි ඩක්.ගොඩක් ගොඩාක් ආදරෙයි.මටත් ඔයාට කියන්න ඕනෙ උනා ඩක්.ඔයා මාව මේටිකේම මග හැරපු නිසා දුකින් හිටපු නිසා මම හිතුවෙ ඔයා මට අකමැති ඇති කියලා. මම හිතුවෙ ඔයාටත් ආදරේ කරන්න කෙනෙක් ඇති කියලා.ඔයා දන්නවද ඩක් අද තමා මම ගොඩක්ම සතුටු දවස.මම ඔයාට ගොඩක් ආදරෙයි ඩක් .

Duck - ඔය ඇත්තමද කුකී.එ...ඒත් ඔයා මට කැමති වෙන එකක් නෑ කුකී.මොකද ඔයා මාව දැකල වත් නෑ.ඔයා මට අකමැති වෙයි කුකී.

එහෙම කියපු ඩක් එයා එයා ඇදන් හිටපු තාරා ඇදුමෙ හිස ගැලෙව්වා.
මෙච්චර කල් ඩක්ගෙ මූන බලන්න ආසාවෙන් හිටපු කුකී අද එයාගෙ ඩක්ගෙ ඇත්ත මූන දැක්ක.මෙච්චර කල් ඒ ඇදුම ඇතුල හිටුපු කෙනා දැකල කුකී පුදුම වගේම සතුටු උනා.

Jk- ජි....ජිමින්.

..............................................................................................................................

හායි.

24 chapter එකෙන් හම්බවෙමු 😇
Bye
Saranhe 💜️🧡

my little brother Where stories live. Discover now