chapter 40

68 13 5
                                    

අවුරුදු  2ට පසු

Jk pov-

එදා accident එකෙන් මාස දෙකක්ම ගෙවුනේ හරිම වේගෙන්.ඒ වගේම අද තමා මගෙයි චිම් ගෙයි වෙඩින් එක.ගෙවිච්ච මාස දෙක ගැන කිව්වොත් දුක සතුට මිශ්‍ර වෙච්ච මාස දෙකක්.මොකද කිව්වොත් මේ මාස දෙක තුල මමයි චිමියි ගොඩක් ලන් උනා.ඒවගේම මගේ හියුනුත් මට ගොඩාක් ආදරෙන් සැලකුවා.එවගේම දැන් මම මතමා මගේ හියුන්ව බලගන්නෙ.ඔව් එදා උනු accident එකට පස්සෙ මගේ හියුන්ට තවම ඇවිදින්න බෑ.හියුන්ගෙ කුකී තමා හියුන්ව බලගන්නෙ.මම දැන් ලොකු කොල්ලෙක්.මම විතරක් නෙමේ හොබී හියුනුත් යුන්ගිහියුන් ගැන හොයල බලනවා.ඒත් හියුන්ට නොතේරන විදියට.
       මට හිතෙන විදියට හොබී හියුන් මගේ හියුන්ව මග හරිනව.ඇත්තටම හොබී හියුන් ඉන්නෙ ඩොක්ට කෙනෙක් වෙලත් යුන්ගි හියුන්ව හොදකරගන්න බැරිවෙච්ච එකට දුකින්.මගේ හියුන් වෙනුවෙන් මුකුත් නොකර තවත් යුන්ගි දිහා එයාට බලන්න බෑ කියලා එයා මට කිව්වා.ඒත් මම දන්නව හොබී හියුන් කොච්චර මහන්සි උනාද කියල මගේ හියුන්ව හොදකරන්න.මේ අවුරුදු දෙකටම හියුන් හැම හොද hospital වලට ගිහින් මගේ හියුන්ගෙ කකුල සනීප කරන්න උත්සහ කරපු විදිය මට හොදට මතකයි.වෙන කෙනෙක් නම් මගේ හියුන්ව දාල යයි.ඒත් හොබී හියුන් නම් මගේ හියුන්ව තනි කරන්නෑ කියල මම දන්නව.ඒත් මම කොච්චර හොබී හියුන්ට තේරුම් කරන්න හැදුවත් එයා කිස්දෙයක් තේරුම් ගන්නෑ.හොබී හියුන් මගේ හියුන් ඒක කතා කරන්නැති නිසා එයා ඉන්නෙත් ටිකක් දුකින්.
                      මගේ හියුන් මුලදි එයාගෙ කකුල ගැන දුක් උනත්.අපි හැමෝම දැන් එකට ඉන්න නිසා හියුන් වැඩිය ඒගැන හිතන්නෙ නෑ.ඇත්තටම මට ඒක ලොකු සහනයක්.මොකද මගේ හීරො අඩනව මට බලන්න බෑ.
              එතකොට ටේ හියුන් ගත්තොත්.එයානම් කතාකරල වැඩක් නෑ.මේ අවුරුදු දෙකටම කෙල්ලො විසි දෙනෙක් එක්ක වගේ යාලුවෙලා හිටියා.ඒවගේම විසිදෙනාගෙන්ම බූට් කලා අඩාගෙන ගෙදර ආවා. දැන් ආපහු තනූ කියල කෙල්ලෙක් ඒක්ක යාලු වෙලා.ඒත් ඒ අක්කත් ලගදි තරහ වෙලා පහුගිය සතියෙම ගෑනි මැරිච්ච මිනිහ වගේ අඩනවා.ඔන්න අදනම් තනූ අක්ක එයත් එක්ක යාලු වෙලා එයා ඉන්නෙ ගොඩක් සතුටින්.
              එතකොට ජින් හියුනුයි නැම්ජූන් හියුනුයි ගත්තොත් ඒදෙන්නට දැන් චූටි ප්‍රින්ස් කෙනෙක් ඉන්නවා. ඇත්තටම කිව්වොත් ඒ පොඩි එකත් ඇරපු අතක් නෑ ජිනන් හියුන්ට වගේ ටකරන් වොයිස් එකක් තියන ජූන් හියුන් වගේ හැමදේම නැතිබන්ගස්තාන කරන හැකියාව කොල්ලට ජාන වලින්ම ඇවිල්ලද කොහෙදෝ.හැම දේම මේ විදියට සිද්ද උනා. හොබී හියුන් අදත් උදේම ගියෙ  hospital  එකට ඒක තාම හොබී හියුන්ට වගේම අපිටත් තිබ්බ එකම වසතාව.දැන් චුට්ටකට කලින් හොබී හියුන්ගෙදර ආවෙ අද හවසට රිපෝට් එක එයි කියල කියන ගමන්.මේ තමයි අපි බලන අන්තිම hospital  එක.මොකද අනිත් හැම hospital  එකෙන්ම අපිට කිව්වෙ මගේ හියුන්ගෙ කකුල් හොද කරන්න බෑ කියලා.අපි හැමෝ දැන් බලන් ඉන්නෙ රිපෝර්ට් එක එනකම්.ඒත් ඊට කලින් මගෙයි චිම් ගෙයි වෙඩින් එක තියනවනෙ.මමනම් තව ටිකකින් ලෑස්තිවෙනවා.ඊට කලින් මගේ හියුන්ව ලෑස්ති කරන්න ඕනෙ.
                 
එහෙම හිතපු ජන්ග්කුක් සුගාගෙ කාමරයට ගමන් කලේ එයාගෙ හියුන්ව ලෑස්ති කරන්න.සුගාගෙ දොර වහල තියනව ජන්ග්කුක් දැක්ක.දොරට තට්ටු කරල යන පුරුද්දක් නම් ජන්ග්කුක්ට තිබුනෙ නෑ.දොර ඇරගෙන හරි කඩාගෙන හරි යනඑකතමා ජන්ග්කුක්ගෙ පුරුද්ද්ද.මේ නිසා ගොඩක් වෙලාවට යුන්ගිගෙන් ජන්ග්කුක්ට හොද කොට්ට පාරක් කන්න වෙනවා.ඉතින් පුරුදු පරිදි ජන්ග්කුක් මහ හයියෙන් දොර ඇරියෙ දොර ගිහින් බිත්තියෙ හැපිල මහ ශබ්දයක් පිටවෙද්දි.ඒත් ඊත කලින් සකා අවේස උන යුන්ගිගෙ ශබ්දය තමා ජන්ග්කුක්ට අහගන්න වෙන්නෙ.ඒත් අදනම් තරහගියපු හඩක් වෙනුවට යුන්ගිගෙන් ඇහුනෙ පුන්චි ඉකියක්.

my little brother Where stories live. Discover now