chapter 33

70 11 2
                                    

කුකී සියල්ල දැනගත්තා.ඔහු දැනගත්ත තමන්ගෙ සහෝදරය තමන් සමග මෙච්චර තරහෙන් සඉන්නෙ ඇයි කියල ඔහු නිහඩව හඩා වැලපුනා.කුකීට තවත් එතන රැදීසිටින්න උවමනාවක් තිබුනෙ නෑ.ඔහු අඩාගෙනම තමන්ගෙ කාමරයට දිව්වා.මේ කිසිවක් නොදන්න ටේ සහ සුගා ඔව්න්ගෙ සන්වාදය කරගෙන ගියා.

Sg - මට කියන්න ටේ උබ කියන්නෙ මට එයාට තවත් සහෝදරයෙක්ට වගෙ සලකන්න කියලද.උබ දන්නවද එදා ඉදන් මගේම ඔම්ම මට සලකපු විදිය.එයා මට ගොඩක් හොදට සැලකුවා.

වේදනාවෙන් හිනාවුන යුන්ගි ටේ ඉස්සරහ තමගෙ shirt එක ගැලෙව්වා. යුන්ගිගෙ ශරීරය දැකපු ටේගෙ ඇස්වල කදුලු පිරුනේ සුගාගෙඇග සමතැනම දුම්වැටිවලින් වුනු පිලිස්සුම් දැකල.ටේ කදුලු පුරෝගෙන සුගාව වැලදගත්ට්ගෙ තමගෙ යාලුවා කොච්චරනම් දුක්විදින්නැත්ද කියල සිතන ගමන්.

Sg - මගේම ඔම්මා මගෙ ජීවිතේ අපායක් කලා ටේ.මේ හැමදේකට මුල ජන්ගකුක් .මට බෑ තවත් ඌට සහෝදරයෙක් වෙන්න.ඌට ඕනෙ මම දුක්විදිනව බලන්න.මම දුක්වෙනව බලන්න.ඌ හොදටම දන්නව අද දවස ගැන. ඒ දැන දැනත් මට මෙහෙම කරේ මට තියන ආදරේට කියලද උබ තාමත් කියන්නෙ.

එහෙම කියපු සුගා ටේව ඔහුගෙන් ඈත් කරල shirt එක ඇදගත්තා.

Tae- මේ අහන්න. උබ හිතනවද අවුරුදු හතේ පොඩි එකෙක්ට ගින්නක් ඇතිකරන්න පුලුවන් කියලා.එදා උබ කියන දේ අහන්නැතුව කුකී උඩට යන්න හේතුවක් තිබ්බ වෙන්න පුලුවන් නේද.ඇයි උබ එක පැත්තකින් විතරක් හිතන්නෙ.අනික එදා දවස ගැන ජන්ගකුකට කිසිම මතකයක් නෑ බම්.එදා කුකීට වෙච්ච කම්පනයක් නිසා එයාට එදා දවසෙ හැම දෙයක්ම අමතක වෙලා. අද එයා උබට මෙච්චර දෙයක් කරේ උබට තියන ආදරේට.උබ දන්නෑ එයා කොච්චර සතුටින්ද හිටියෙ කියලා.ටිකක් හිතල බලපම්. ජන්ගකුක් ගෙන් සමාව ගන්න.මම යන්වා මගේ කාමරේට.

එහෙම කියපු ටේ එයාගෙ කාමරයට ගියා. සුගා ජන්ගකුකට බැන්න එකට හිතින් දුක් වුනත් එයාට ඕන ඕන උනේ නෑ ජන්ගකුකගෙන් සමාව ගන්න. ඒත් සුගාගෙ හිත ඔහුට බලකලේම ජන්ගකුකගෙන් සමාව ගන්න කියලා.සමාව ගන්නවද නැද්ද කියල හිත හිත සුගා සාලයට ආවා. සාලයට ආපු සුගා දැක්කෙ සෙටියෙ නිදන් ඉන්න හොබීව. හොබී දැකපු සුගාගෙ මූනෙ හිනාවක් ඇදුනෙ එයාටත් නොදැනි. සෙටිය ගාවට ආව සුගා හොබීගේ මූනට නැවුනා.හෝසොක් ගෙ මුහුනට වැටී තියෙන කොන්ඩය හෝසොක්ගෙ කන පිටිපස්සෙ රදවපු සුගා හෝසොක් දිහා වශී වෙලා මෙන් බලා සිටියා.

my little brother Where stories live. Discover now