07 කොටස

785 171 130
                                    

කමෙන්ට් ගෝල් 50 (ඕක පන්වන්න ඈ)

"ජන්කුක් බලන්නකෝ.. සුරදූතයෝ නැති උනාට කමක් නෑ. අතන ඔරුවක් තියෙන්නෙ. අපි ඔරු පදිමු"

ටේහ්‍යුන් සුරදූතයෝ තවමත් ආවෙ නැති නිසා දුක් වෙන ජන්කුක් ගෙ අතින් අල්ලගෙන කියනකොට ජන්කුක් ටේහ්‍යුන් දිහා බලලා අහිංසක විදියට හිනා උනා.


"කුමාරයා ජන්කුක් එක්ක තරහා නෑ නේද?"

ජන්කුක් ඔලුව බිමට නවාගෙන තොල් උල් කර කර කියනකොට ටේහ්‍යුන්ට හිනා ගියා.



"මොකටද තරහ වෙන්නෙ ජන්කුක්?"

"සුරදූතයො නාව නිසා"

ජන්කුක් කියනකොට ටේහ්‍යුන්ට හිනා ගියේ ජන්කුක් ගෙ අහිංසක කම දැකලා. ජන්කුක් ගෙ කොන්ඩෙ අවුල් කරපු ටේහ්‍යුන් ජන්කුක් ගෙ අතින් අල්ලගෙන එතන ගැටගලා තියන බෝට්ටු ලගට ගියාම ජන්කුක් ටේහ්‍යුන් දිහා බලලා හිනා වෙලා බෝට්ටු ගැටගහලා තියන කඹය ලිහන්න ගත්තා.



"කුමාරයා එන්න"

බෝට්ටු තල්ලු කරගෙන ගිහින් පොකුණට දාපු ජන්කුක් බෝට්ටුවට නැගලා , විදුලි පන්දම මැදින් තියලා ටේහ්‍යුන්ට අත දිග් කලාම ටේහ්‍යුන් ජන්කුක් ගෙ අත අර ගත්තා. ජන්කුක් ගෙ අතින් අල්ලා ගත්ත ටේහ්‍යුන් බෝට්ටුවෙන් වාඩි උනාම ජන්කුක් හබල අරගෙන බෝට්ටුව විල මැද්දට පැදගෙන යන්න පටන් ගත්තෙ ටේහ්‍යුන් එයාගෙ දිග ඇගිලි තුඩු වලින් රිදී පාට ජලය අල්ලනකොට.

__

"ජන්කුක් බලන්නකො"

බෝට්ටුව පැදගෙන යන ජන්කුක් දිහා බලපු ටේහ්‍යුන් කියනකොට ජන්කුක් ටේහ්‍යුන් දිහා බැලුවා. හිනා උන ටේහ්‍යුන් ජන්කුක් ගෙ මුහුණට වතුර ටිකක් ගහනකොට ජන්කුක් ඇස් දෙක වහා ගත්තාම ටේහ්‍යුන් හිනා උනා.

"ජන්කුක් අද බිව්වෙ නැහැ නේද?"

"නැහැ කුමරුනි"

ජන්කුක් අහිංසක විදියට කියනකොට ටේහ්‍යුන් ටිකක් ඉස්සිලා ජන්කුක් ගෙ හිස අත ගෑවම ජන්කුක් ලැජ්ජාවෙන් හිනා උනා.

"හොද කොල්ලා"

ටේහ්‍යුන් ජන්කුක් ගෙ ලැජ්ජාවෙන් රතු උන කම්මුල් දිහා බලලා හිනා වෙන ගමන් වටපිට බැලුවම ටේහ්‍යුන් දැක්කෙ සුදු පාට ලස්සන මලක්.


Snow Flower | තුහින පුෂ්පය ~ KookV [completed]Where stories live. Discover now