08 කොටස

518 168 109
                                    

කමෙන්ට් ගෝල් 50

ටේහ්‍යුන් ඔහුගෙ පෞද්ගලික ආරක්ෂකයා නම්ජුන් කිම් සමග වාහනයේ එමින් සිටියා. නම්ජුන් කිම් කියන්නෙ ටේහ්‍යුන්ට අවුරුදු පහලොවේ පමණ සිටම ටේහ්‍යුන් ගෙ ආරක්ෂකයා උන නිසා ටේහ්‍යුන් හා ඔහු අතර තිබුණෙ සහෝදරාත්මක අපූරු බැඳීමක්. ඔවුන්ගෙ බැඳීම නිසා ටේහ්‍යුන් ගෙ විවාහයෙන් පසුවද ටේහ්‍යුන්ට රාජකීය ආරක්ෂකයෙක් නොදී නම්ජුන් කිම් ම එයට පත් කරන්නට මහරජු තීරණය කලේ ටේහ්‍යුන් ගෙ ඩැඩ්ගෙ ඉල්ලීම මත

ටේහ්‍යුන්ට නැගෙනහිර වෙසෙන ජනතාවට ආහාර පාන හා සනීපාරක්ෂක කටයුතුවල දියුණුවක් ඇති කිරීමට අවශ්‍ය නිසා ඒ ප්‍රදේශයේ ශ්‍රමදානය ක් කිරීමට ටේහ්‍යුන් රජ පවුලට රහසේම තීරණය කලේ නම්ජුන් ගෙ උදව් ඇතිව. ඊට අමතරව ආහාර වේලක් ඔවුන්ට ලබා දෙන්නට ටේහ්‍යුන් තීරණය කලේ නැගෙනහිර ප්‍රදේශය බලන්න ඔහුට හිස් අතින් යන්නට බැරි නිසා. ඒ සඳහා නම්ජුන්ගෙ මිත්‍රයෙක්ට සහය පැතූ ටේහ්‍යුන් හා නම්ජුන් නැවතත් මාලිගාව වෙත ආවේ ටේහ්‍යුන් ජන්කුක් වෙනුවෙන් මිලදී ගත් මිල අධික උණුසුම් කබායක් හා කලිසම හා කමිසය අරගෙන. ඔහු මින්සෝට මදක් නගරයේ ඇවිදිනවා කියා කියා තිබුනා.

"දෙවියනේ පුදුමාකාර වැස්සක්. ජන්කුක් ට තවත් හෙම්බිරිස්සාව වැඩි වෙයිද දන්නෙ නැහැ මේ සීතලට"

ටේහ්‍යුන් වාහනයෙන් පිටත බලාගෙන තමන්ටම කියා ගත්තෙ ඇද හැලෙන මහා ධාරානිපාත වර්ෂාව දිහා බලන ගමන්. ඔහුට එවිටත් ජන්කුක් මතක් වෙලා!

__

පැය කාලක් යන්නටත් මත්තෙන් ටේහ්‍යුන් කුමරු මාළිගාවට පැමිණියා. මාලිගාවට පැමිණි වහාම නම්ජුන්ට සමු දුන් ටේහ්‍යුන් තමාගෙ පැමිණිම රාජකීය පවුලට දන්වන්නෙ හෝ නැතිව තමාට හැකි වේගයෙන් මුළුතැන්ගෙයට දුවගෙන ගියේ ජන්කුක් ව හම්බවෙන්න හිතාගෙන.

"කුමාරයා... ආයුබෝවන්"

ටේහ්‍යුන් කඩාගෙන බිඳගෙන මුළුතැන්ගෙයට එනකොට එහි සිටි සේවිකාවන් ටේහ්‍යුන්ට ආචාර කරනකොට යන්තමින් ඔවුන් සමග සිනා සුනු ටේහ්‍යුන් ගෙ ඇස් හෙව්වේ ජන්කුක් ව. කොහි හෝ බිම වාඩි වෙලා ඇති කියා බලාපොරොත්තුවෙන් ජන්කුක් ව ටේහ්‍යුන් හෙව්වත් ජන්කුක් එහි හිටියෙ නැහැ.


Snow Flower | තුහින පුෂ්පය ~ KookV [completed]Where stories live. Discover now