43 කොටස

467 153 78
                                    

කමෙන්ට් ගෝල් 50

ජන්කුක් ගෙ හිත සතුටින් පිරිලා ගිහින් තිබ්බෙ කුමාරයාගෙ උපාධි ප්‍රදානෝත්සවය අද තිබුනු නිසා. සුන්හී ව අරගෙන යන්න බැරෘ නිසා ජන්කුක් කිව්වෙ ඔහු සුන්හී එක්ක ගෙදරට වෙලා ඉන්නවා කියලයි. ඒ නිසා ටේහ්‍යුන් උදෑසනම ඔවුන් දෙදෙනාව හාදුවලින් පුරවලා ගෙදරින් පිටත් උනාට පස්සෙ ජන්කුක් සුන්හීව වඩාගෙන හුරතල් කර කර හිටියා.

"සුන්හී දන්නවාද? සුන්හී ගෙ පපා දැන් දොස්තර මහත්තයෙක්"

ජන්කුක් හරි ආඩම්බරෙන් තොල් උල් කර කර සුන්හීට කියනකොට ඈ ජන්කුක් දෙස සිනා මුසුව බලාගෙන හිටියා.

"සුන්හී.. සුන්හී දන්නවාද සුන්හීගෙ පපා ගොඩක් ජීවිත බේරයි නේද? ජන්කුක් වත් සුන්හීගෙ පපා ඉක්මනින් සනීප කරයි."

ජන්කුක් හිනා වෙනකොට සුන්හී හිනා වෙනවා. ජන්කුක් සුන්හීව වඩාගෙන වත්තෙ එහෙ මෙහෙ ඇවිද්දෙ ටේහ්‍යුන් ගැන ලොකු ලොකු කතා සුන්හීට කියන ගමන් උනාට ජන්කුක් ගෙ පපුවයි බඩයි ඇදුම් කෑවා.

වත්තෙ සුන්හී එක්ක හවස් වෙනකම් ඇවිද ඇවිද හිටපු  ජන්කුක් ට කවදාවත් නැති මහන්සියක් හා ලොකු වේදනාවක් එක්ක ක්ලාන්ත ගතියක් එනකොට ජන්කුක් සුන්හීවත් වඩාගෙන ගේ ඇතුලට ගිහින් ඇඳෙ වාඩි උනා. සුන්හීව ඇඳ උඩ තිබ්බ ජන්කුක් ඔලුව අල්ලගෙන පහතට නැවතුනා.

"සුන්හී... අප්පා ට රිදෙනවා වගේ නේ..."

ජන්කුක් දෙතොල් මිමිණුවා. ඔහුගෙ පපුව දැවිල්ල අල්ලනකොට ඔහු ඇඳ මතට ඇදගෙන වැටුනම ඔහු කොට්ටෙ අස්සෙ මූණ හංගා ගත්තා.

"කුමාරයෝ... ජන්කුක් ව තුරුලු කර ගන්නකො... ජන්කුක් ට ගො..ගොඩක් රි..රිදෙනවා"

ජන්කුක් ගෙ ඇස් වල කඳුලු පිරිලා කඳුලු ගලනවා. ඔහුට එක් වරම දැනුන ලොකු වේදනාවක් එක්ක ඔහුගෙ මුවින් ලේ පිටවෙනකොට ජන්කුක් ඇඳෙන් නැගිටලා යන්න හැදුවත් ඔහු ආයෙමත් අසරණව ඇඳ උඩටම ඇදගෙන වැටුණා. මුව අතින් වහ ගත්ත ජන්කුක් සුන්හී දෙස බලනකොට සුන්හීත් ජන්කුක් දිහා බැලුවා. අප්පා ගෙ වේදනාව තේරුම් ගත්ත නිසාදෝ සුන්හී අඩන්න ගත්තේ ජන්කුක් දිහා බලාගෙන.

Snow Flower | තුහින පුෂ්පය ~ KookV [completed]Where stories live. Discover now