30 කොටස

440 148 101
                                    

කමෙන්ට් ගෝල් 50

ජන්කුක් ටේහ්‍යුන්ගෙ අතින් අල්ලගෙන වැලි පාර දිගේ ඇවිදගෙන ආවේ ටේහ්‍යුන් ජන්කුක්ට ඔහුව වඩා ගන්න එපා කිව්ව නිසා. දවස පුරාම වෙහෙස උන ජන්කුක් ඔහුව දෑත් අතරට ගෙන ඇවිදිනවා දකින්න ටේහ්‍යුන්ට කොහෙත්ම උවමනා උනේ නැහැ. ටේහ්‍යුන් ජන්කුක් ගෙ අතෙ එල්ලිලා යන ගමන් අහස දිහා බලද්දී ටේහ්‍යුන් දැක්කෙ කඩා වැටෙන තාරකාවක්.

"හොර කොල්ලෝ අර බලන්නකො."

ටේහ්‍යුන් ජන්කුක් ට පෙන්වන කොට ජන්කුක් ඉක්මනට ආකාසය දිහා බැලුවා.

"දෙවියනේ තරුවක් කඩාගෙන වැටෙනවා. කුමාරයා ඉක්මනට ප්‍රාර්ථනාවක් කරන්න"

ජන්කුක් කලබලෙන් කියන ගමන් ජන්කුක් ඉක්මනට අත් දෙක එකතු කරගෙන ඇස් දෙක පියා ගත්තා. තරුවක් කඩාගෙන වැටෙන මොහොතෙ කරන ප්‍රාර්ථනාවක් ඉෂ්ට වෙනවා කියලා බොහොම දෙනෙක් පිලි ගත්තට ටේහ්‍යුන්ට ඒ ගැන විශ්වාසයක් නම් තිබුණෙ නැහැ. නමුත් ජන්කුක් ගෙ විශ්වාසයට ගරු කරපු ටේහ්‍යුන් ජන්කුක් ට ඉඩ දීලා බලාගෙන හිටියා.

"මට ලස්සනට කියන්න නම් තේරෙන්නෙ නැහැ තාරකාවේ.. ඒත් කුමාරයාටයි පුංචි කුමාරයාට යි මටයි එකට සතුටින් ඉන්න අවස්ථාවක් උදා කරලා දෙනවාද?"

ජන්කුක් ඇස් දෙක තද කරලා වහගෙන නළලත් රැළි කරගෙන හුරතල් රෝස දෙතොල් උල් කර කර ප්‍රාර්ථනාව කියනකොට ටේහ්‍යුන් ගෙ හිත ආදරයෙන් පිරුණා. ප්‍රාර්ථනා කරලා ඉවර උන ජන්කුක් හරි වැඩක් කලා වගේ ටේහ්‍යුන් දිහා බලලා හිනා වෙනකොට ටේහ්‍යුන් ඉක්මනට ජන්කුක් ගෙ කම්මුලකට හාදුවක් දුන්නම ජන්කුක් බිම බලාගෙන හිනා උනා.

"අ...අපි යන්න ඕනෙ කුමරුනි. දැන් හොඳටම රෑ වෙලා...නේ"

ජන්කුක් රතු වෙලා කියනකොට ටේහ්‍යුන් හිනා වෙවී ඔලුව වැනුවා. කොච්චර හාදු ලැබුනා උනත් ජන්කුක් නම් රතු වෙන එක නතර කරන්නෙ නැති වෙයි කියලායි ටේහ්‍යුන්ට හිතුනේ. ජන්කුක් එක්ක අත් පටලවා ගත්ත ටේහ්‍යුන් ආයෙමත් ආකාසය දිහා බලනකොට තාරකාව පේන්න තිබුණෙ නැහැ. කිසිවක් නොකී ටේහ්‍යුන් ජන්කුක් එක්ක වැලි පාර දිගෙ ඇවිදගෙන ගියා.


Snow Flower | තුහින පුෂ්පය ~ KookV [completed]Where stories live. Discover now