24 කොටස (M)

586 151 87
                                    

කමෙන්ට් ගෝල් 50
Mature content

ටේහ්‍යුන් හෝටල් කාමරයේ ඇඳ මත එහෙ මෙහෙ පෙරලුනා. නැගෙනහිර ප්‍රදේශයේ ජනතාවගේ සුභසිද්ධිය සඳහා ටේහ්‍යුන්ව ඒ පිලිබඳව සොයා බැලීමට පවතින රජයෙන් නීත්‍යානුකූලවම ටේහ්‍යුන්ව එහි යවා තිබුණු අතර ඔහු කැමැත්තෙන්ම එහි යාමට සිය කැමැත්ත පල කොට සිටියා. සේවකයන් කීප දෙනෙක් සමග එහි ගිය ටේහ්‍යුන් , තමාගෙ ආදරණිය පෙම්වතා  සහ මිතුරා නම්ජුන් රැගෙන යන්නත් අමතක කලේ නම් නැහැ. ඔවුන් එහි යන විටත් සවස උදා වී තිබුන නිසා ඔවුන් නැගෙනහිර සීමාවේ පැවති එකම හෝටලයහි නවාතැන් පහසුකම් දීමට ඔවුන් කටයුතු කලා.

තමන්ගෙ කාමරයට ආව ටේහ්‍යුන් ජනෙල් විවෘත කරගෙන ඇඳ මත ටිකක් ඇල උනා. තාම රාත්‍රී හත පසු වී තිබුණත්  රාත්‍රී ආහාරය ප්‍රතික්ෂේප කල ටේහ්‍යුන් කාමරයට වැදී මදක් නිදා ගන්නට කල්පනා කලත් ඔහුට ජන්කුක් ගැන නොසිතා ඉන්න බැරි උනා.

ඇස් දෙක තදින් වහ ගත්ත ටේහ්‍යුන් ට මැවුනෙ ජන්කුක් ගෙ සිනා මුසු හුරතල් මුහුණ.

"හොරා"
ටේහ්‍යුන් කොට්ටයක් පපුවට තද කරගෙන ජන්කුක් ට දොස් පැවරුවා.


"හරිම හොරෙක් තමයි හොර කොල්ලා නම්. මගෙ නින්ද හොරකම් කරපු හොරා"

ටේහ්‍යුන් ජන්කුක් ට තනියම බැන්නත් ඔහුගෙ හිත ආදරයෙන් පිරිලා ගිහිල්ලා. ජන්කුක් මේ වෙනකොට අනිත් සේවකයන් එක්කම ඇති කියලා කල්පනා කරන ගමන් කොට්ටය තවත් පපුවට තුරුලු ගත්තා.

මොහොතක් ඇස් පියාගෙන නිදා ගන්න උත්සාහ කරමින් හිටපු ටේහ්‍යුන් හිස එසෙව්වෙ දොරට ගහන ශබ්දයක් ඇහෙනකොට.

"කවුද?"
ටේහ්‍යුන් ඇඳ මත ඉඳගෙන ඇහුවා

" මම කුමරුනි"

අහිංසක කටහඩක් දොර පිටිපස්සෙන් ඇහෙනකොට ටේහ්‍යුන්ට හිනා ගියා. හිනා වෙලා ඉක්මනට ඇඳෙන් බැහැපු ටේහ්‍යුන් දොර අරිනකොට බන්දේසියක් ඔසවා ගත්ත ජන්කුක් දොර ළග හිටගෙන ඉන්නවා දැකලා ටේහ්‍යුන් අතින් ඇදලා ඇතුලට ගත්තෙ ජන්කුක් බිම බලාගෙන හොරෙන් ටේහ්‍යුන් දිහා බලනකොට.

"මොනවද මේ බරටම උස්සන් ආවේ හොර කොල්ලො"

ටේහ්‍යුන් ජන්කුක් ගෙ කම්මුලට හාදුවක් දීලා කියනකොට ජන්කුක් ටේහ්‍යුන් එක්ක හිනා උනා.

Snow Flower | තුහින පුෂ්පය ~ KookV [completed]Where stories live. Discover now