36 කොටස

456 154 65
                                    

කමෙන්ට් ගෝල් 50

"ටේහ්‍යුන්...."

ජිමින් ඔහුගෙ කාමරයේ වාඩි වෙලා කල්පනාවට වැටිලා හිටපු ටේහ්‍යුන් අසලට ඇවිදගෙන ආවා. රාත්‍රිය උදා වෙලා තිබුණු අතර ටේහ්‍යුන් ඔහුගෙ කාමරය තුල හැඟීම් දැනීම් නැත්තෙකු සේ වාඩි වෙලා සිටියා. එදින රාත්‍රියෙ ඔහුට ගැනුම්කරුවෙකු නොලැබුනු නිසා ඔහුගෙ කල්පනාවට බාධා කරන්නට කිසිවෙකු සිටියෙ නැහැ.

ජිමින් ගෙ හඬ ඇහෙනකොට ටේහ්‍යුන් හිස ඔසවා බැලුවා. ඔහුගෙ දෑස් රතු වී තිබුනු ජිමින්ට සිය මිතුරා බොහෝ වෙලා හඩා ඇති වග වටහා ගන්න අපහසු වූයේ නැහැ.

"ටේහ්‍යුන්... අර කොල්ලා"

ජිමින් කියනකොට ටේහ්‍යුන් ඔහු දෙස හිස ඔසවා බලද්දී ජිමින් කඳුලු නොගැලුවත් ඔහුගේ හඬා වැටෙන දෑස් දුටුවා.

"ඒ කොල්ලා තාමත් එලියෙ ඉන්නවා. එයා.... බිම නිදාගෙන...."

ජිමින් කියනකොට ටේහ්‍යුන්ගෙ දෑස් වලට කඳුලු පිරෙන කොට ටේහ්‍යුන් වේගයෙන් නැගිට්ටා. කිසිවක් නොකී ඔහු කාමරයෙන් පිටවී එක් වරම පිටතට දිව ගියෙ ජිමින්ව එතැනම තනි කරමින්. ටේහ්‍යුන් පිටතට යන විට වර්ෂාවක් ඇද වැටෙමින් තිබුණු අතර ටේහ්‍යුන් මහ වැස්සේම පිටතට ඇවිදගෙන ගියා. ඒ වන විට මුරකරුවන් පෙනෙන්නට නොසිටි බැවින් ටේහ්‍යුන් දම්වැල් දමා තිබූ ගේට්ටුවෙ අගුලක් නොමැතිව එතූ දම්වැල් ගලවා දමා පිටතට යන විට ගේට්ටු අසල කණුවට හිස තබාගෙන සිටින ජන්කුක් දුටු ඔහු ගල් ගැසුනා. ඔහු අත පන්දමක් නොතිබුනත් සඳ එලියෙන් ජන්කුක් ගෙ හුරතල් අහිංසක මුහුණ සහ පිය උන දෑස් නිරීක්ෂණය කරද්දී ටේහ්‍යුන්ට හඬා වැටෙන්නට ඕනෑ කලා.

ජන්කුක් අසල දණ ගසා ගත් ඔහු ජන්කුක් ගෙ කම්මුල් දෝතට ගනිද්දී ජන්කුක් ගැස්සී දෑස් අරිද්දී ටේහ්‍යුන් දුටු ඔහු මොහොතකට පුදුමෙන් ගල් ගැසුනා.

"හොර කොල්ලෝ....."

"කු...කුමරයා... ජ..ජන්කුක්ගෙ කුමාරයා. ජන්කුක් දැනගෙන හිටියා... කුමාරයා ජන්කුක් ව බලන්න එන...වා කියලා"

ජන්කුක් ගොත ගහ ගහ ටේහ්‍යුන්ව අල්ලන්න හදනකොට ඔහු ජන්කුක් ව පපුවට තද කර ගත්තම ජන්කුක් ටේහ්‍යුන්ගෙ පපුව අස්සෙ මූණ හංගගෙන අඩන්න ගත්තා. ඉකි ගහ ගහ අඩන ජන්කුක්ගෙ මුහුණ යලිත් දෝතට ගත්ත ටේහ්‍යුන් ඔහුගෙ මුහුණ දෙස බලද්දී ජන්කුක් තාමත් අඩනවා. කිසිවක් නොකියා ඔහුගෙ අතින් අල්ලා ගත්ත ටේහ්‍යුන් ඔහු සමගම ගණිකා නිවාසය තුලට ඇවිදගෙන ගියේ නිශ්ශබ්දව. ඔවුන් සිටි ගොඩනැගිල්ලේ ජිමින් සහ කුඩා ළමුන් කිහිපයක් හැර නොසිටින නිසා ඔවුන් දෙදෙනාට ඒ තුලට යාමට බාධාවක් නොමැති වග ටේහ්‍යුන් දැනගෙන සිටියා. කිසිවක් නොකියා තෙත් වී සිටි ජන්කුක් අතින් අල්ලාගෙන ඔහුගෙ කාමරයට යද්දී ඇඳ මත වාඩි වී සිටි ජිමින් ගැස්සී ඔහු දෙස බැලුවා.



Snow Flower | තුහින පුෂ්පය ~ KookV [completed]Where stories live. Discover now