35 කොටස

445 145 49
                                    

කමෙන්ට් ගෝල් 50

මාස තුනක් ගත වෙලත් ජන්කුක් ට ටේහ්‍යුන්ව හොයා ගන්න එක ලේසි උනෙ නැහැ. ප්‍රධානම හේතුව උනේ සංස්කෘතියෙන් තරමක් පහල රටක ගණිකා නිවාස ඉහේ කෙස් ගානටත් වැඩි වීම. ජන්කුක් ඔහු පිලිබඳ සියලුම තතු සෝක්ජින් හා එවුන්වෝට පවසා තිබුනාත් ඔවුන්ට වැඩේ ලේසී උනෙ නැහැ.

එදා ඉරිදා දවසක්. ජන්කුක් සෝක්ජින්ගෙ ගෙදර ඉඳන් කෑමට ටික ගිල දමමින් හිටියෙ ඔහු හොයා ගත්ත අලුත් ගණිකා නිවාස වල ඔහුගෙ කුමාරයාව සොයන්න. ජන්කුක් ගෙ අවධානය ගිලිහුනේ ඒ වෙනකොට ඔහුගේ හොඳම මිතුරෙක් වෙලා හිටපු එවුන්වෝ ඔහු ළගට ආවම.

"ජන්කුක් ඔයාගෙ යාලුවො දෙන්නෙක් ඇවිල්ලා"

ඔහු කියනකොට ජන්කුක් ගෙ ඇහිබැමි ගැට ගැහුනා. මීට මාසයකට කලින් ජන්කුක් දෙරාක් වල යුන්ගීගෙ නිවසට ලියුමක් තැපැල් කලේ සෝක්ජින්ගේ උදව්වෙන්. යුන්ගීට එය ලැබෙතැයි කියලා ලොකු විශ්වාසයක් නොතිබුණත් මාසයකට පස්සෙ ඔහුද මේ ඇවිල්ලා තියෙන්නෙ. ජන්කුක් කෑම එක එතනම දාලා ගෙදරින් එලියට දුවගෙන ගියා. ජන්කුක් ඒ වෙනකොට සම්පූර්ණයෙන්ම සුව වෙලා හිටියෙ.

"ජන්කුක්?"

"යුන්ගී? හොසොක්?"

ජන්කුක් පරණ යාලුවෝ එක පාරින් ම අඳුනා ගත්තා. ගේ ඉස්සරහ සෝක්ජින් එක්ක කතා කර කර හිටපු යුන්ගීව දුවගෙන ගිහින් බදා ගන්නකොට ජන්කුක් ට වඩා පොඩි යුන්ගීට දැණුනෙ ඔහුව තැලිලා යනවා වගෙ උනත් ජන්කුක් යුන්ගී ගෙ උරහිස අස්සෙ මූණ හංගගෙන අඩන්න ගත්ත නිසා , ටේහ්‍යුන් නැතිව දුකෙන් ඉන්න ජන්කුක් ව තවත් රිද්දන්න ඕනෙ උනෙ නැහැ යුන්ගීට.

"හමුවීම සතුටක් යාලුවා. ඇයි ඔයා හොසොක්ව පිලි ගන්නෙ නැත්තෙ"

ජන්කුක් ගෙ අතින් යුන්ගීගෙ ඇට කටු කුඩු වෙන්න කලින් යුන්ගී වචන ගලපා ගත්තාම ජන්කුක් හොසොක්ව වැලඳ ගත්තෙ යුන්ගීට හුස්ම ගන්න ඉඩ දීලා.

"අපිට ඔයාගෙ ලියුම හම්බුනා. ඒක කියවා ගන්න අපි වින්ද දුකක්. තමුන් ගැන අහු වෙයි කියලා අපි ඒක කෑලි වලට කඩලා අකුරු කියවන්න පුලුවන් අයට කියලා කියවා ගත්තේ... නම්ජුන් වෙන රටකට ගිහින් නිසා අපිට එයාගෙන් උදව් ගන්නත් බැරි උනා"

Snow Flower | තුහින පුෂ්පය ~ KookV [completed]Where stories live. Discover now