31 කොටස

486 137 87
                                    

කමෙන්ට් ගෝල් 50

"මාලිගාව ඇතුළෙ ටේහ්‍යුනුයි අර හිඟන්නයි අපි අල්ලා ගත්ත එක ගැන ප්‍රසිද්ද උනේ කොහොමද?"

රජතුමා කෝපයෙන් කියනකොට මින්සෝ අහක බලාගත්තෙ කෝපයෙන්. ඔවුන් අතර හිටපු ආරක්ෂකයෙක්ගෙ හෝ සේවකයෙක්ගෙ මුවින් එය මාලිගාව පුරා ලැව් ගින්නක් වගේ පැතිරිලා තිබුනේ ඔවුන් සැලසුම් කරපු පරිදි ටේහ්‍යුන්ව හා ජන්කුක් ව කැලය ඇතුළෙ වෙඩි තියලා මරලා , අතුරුදහන් කරන්න බැරි වෙනකොට. එය සිද්ධ කලොත් කට කතා නතර කරන්න බැරි වන වග ඔවුන් හොඳටම දැන සිටියා. ජන්කුක් කෙසේ වෙතත් ටේහ්‍යුන්ට එසෙ කරන්න කොහෙත්ම ඔවුන්ට හැකියාවක් තිබුණේ නැති වග ඔවුන් දැනගෙන හිටියා.

"උන් දෙන්නව මාලිගාව ඇතුළෙ තව දුරටත් තියා ගන්න බෑ. රජ පවුලෙ ගෞරවයට මොකද වෙන්නෙ එතකොට?"

මින්සෝ තරහෙන් කියනකොට රැජින සුසුමක් හෙළුවා.

"ඒකට පිළියමක් තියනවා. කරදර වෙන්න එපා"

රැජින කියනකොට ඔවුන් පුදුමයෙන් ඈ දෙස බලද්දී ඈ කට කොනින් හිනා වෙලා ඔවුන් දෙස බැලුවෙ ඇගෙ සැලැස්ම විස්තර කරන්න හිතාගෙන.






පැය භාගයකට පසු ඔවුන් ජන්කුක් ව සිර කරපු පහල සිර කුටියට ඇවිදගෙන ගියේ ටේහ්‍යුනුත් එක්ක.  තමන්ගෙ කුසට පරිස්සමින් අත තබාගෙන සිටි ඔහු විඩින් විඩේ කුස පිරිමදිමින් සිටියා.

ඔහුගෙ ඇස් රතු වෙලා තිබුණු විදියට ඔහු බොහෝ වෙලා හඬා ඇති වග පෙනෙන්නට තිබුණා. පෙරදා දිනය පුරාවට ඔහුව ඔහුගෙ කාමරයේ හිර කර තිබුණු අතර ඔහු නොනවත්වා දොරට පහර දෙමින් තමාවත් ජන්කුක් අසලට ගෙන යන ලෙස කියා සිටි අතර , ඔහු වෙත ආ රැජිණගෙ දෙපා අල්ලා වැඳ වැටුනයින් ඔහුවත් ජන්කුක් වෙත රැගෙන ගොස් තීරණය පිලිබඳව දැනුම් දීම ඔවුන් දෙදෙනා රජ පවුලේ ගෞරවයට අත තැබීමට දිය හැකි හොදම දඬුවම කියා රැජින වටහා ගත්තා.







දහවල් කාලය වූවත් සිර කුටියෙ තිබුණෙ අඩ අඳුරක්. යන්තමින් හෝ ඒ අඳුර නිව්වේ තැනින් තැන දැල්වුනු මලානික ලන්තෑරුම් එලි. සිර කුටියේ යකඩ කූරු ඇතුලේ දෑත් පිටිපස්සට බැන්ද ජන්කුක් වැටී සිටි අතර ඔහුගේ මුළු ශරීරයම රුධිරයෙන් නැහැවී තිබුනේ ඔහුට ආරක්ෂකයන් දුන්න වද වේදනාවන් වල ස්වරූපය කියා පාන ගමන්. ඔහුගෙ උඩුකය නිරුවත්ව තිබුණු අතර ඔහුගෙ ශරීරය පුරාම තුවාල පිරී තිබුණා.

Snow Flower | තුහින පුෂ්පය ~ KookV [completed]Where stories live. Discover now